ඉරිදා, පෙබරවාරි 15, 2026
Homeදේශීය පුවත්කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය...

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කරයි.

 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මැයි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කරයි.

·         ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය   2025 මැයි මාසය සඳහා –0.7ක් දක්වා වැඩි වී ඇත. එය 2025 අප්‍රේල් මාසය සඳහා -2.0% ක් ලෙස වාර්තා වී තිබුණි.

·         2025  මැයි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  5.2% දක්වා  වැඩි වී ඇති අතර 2025 අප්‍රේල් මාසයේ දී එය වාර්තා වූයේ 1.3% ක්  ලෙසයි.

·         එමෙන්ම, 2025 මැයි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  –3.3 ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 අප්‍රේල් මාසයේ දී -3.6% ක් ලෙස වාර්තා විය.

මේ පිළිබඳ වැඩිදුර විස්තර  දැන  ගැනීම සඳහා මේ සමග අමුණා ඇති විශ්ලේෂණ වාර්තා පරිශීලනය කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments