ඉරිදා, පෙබරවාරි 15, 2026
Homeදේශීය පුවත්ගෘහස්ථ නොවන විදේශ රැකියා ලියාපදිංචියට නව නීතියක්..

ගෘහස්ථ නොවන විදේශ රැකියා ලියාපදිංචියට නව නීතියක්..

ස්වයං මාර්ගයෙන් විදේශ රැකියා සඳහා ගිවිසුම තානාපති කාර්යාලයේ ලියාපදිංචි කිරීම ජූනි 07 සිට අනිවාර්යයි…

ගෘහස්ථ නොවන රැකියා සඳහා (Non Domestic Sector) ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර එම රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් සහතික කිරීම අනිවාර්ය කිරීමට කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කර ඇති බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ගෘහස්ථ නොවන රැකියා සඳහා විදේශ ගතවීමේදී ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව කරුණු සොයාබැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රි ලංකා දූත මණ්ඩල නොමැති රටවල රැකියා සඳහා අදාළ රැකියා ගිවිසුම, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය, ගුවන් තොටුපොල ඒකකය හෝ දිස්ත්‍රික් කාර්යාල මගින් අනුමත කරගත යුතු බවද කාර්යාංශය සඳහන් කරයි. 

ඒ අනුව 2025 ජූනි 07 දින සිට ගෘහස්ථ නොවන කාණ්ඩයේ සියළුම රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් (Self) විදේශ ගතවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා අදාළ රැකියා ගිවිසුම සහතික කිරීම අනිවාර්ය වන බව වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. මෙය කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා පූර්ව අවශ්‍යතාවයකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments