ඉරිදා, පෙබරවාරි 15, 2026
Homeදේශීය පුවත්කැනේඩියානු කාන්තාවක් රු. මිලියන 181 වටිනා හෂිෂ් සමඟ ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට

කැනේඩියානු කාන්තාවක් රු. මිලියන 181 වටිනා හෂිෂ් සමඟ ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට

කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ සිට ‍ දෝහා හරහා කටාර් ගුවන්සමාගම මෙහෙයවන QR 662 ගුවන් යානයෙන් පැමිණි කැනේඩියානු ජාතික කාන්තාවක්  (වයස 37) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් (22)අළුයම 2.50ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.

නිලධාරීන් කළ පරීක්ෂණයකදී සැකකාරියගේ පරීක්ෂා කරන ලද ගමන් මලු තුළ සඟවා තිබූ හෂිෂ් ග්‍රෑම් 18,123 ක් සොයා ගන්නා ලදී. එහි මුළු වටිනාකම රු. මිලියන 181 ක් පමණ වන බව ශ්‍රී ලංකා රේගුව තක්සේරු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය මඟින් සිදු කරමින් සිටින අතර  සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු හා නීතිමය කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නියාමන කාර්යාංශයට භාරදීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments