ඉරිදා, මාර්තු 8, 2026
HomeTOPකල් ඉකුත් වූ භාණ්ඩ මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් විනාශ කරයි.

කල් ඉකුත් වූ භාණ්ඩ මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් විනාශ කරයි.

වත්තල හා හැදල ප්‍රදේශවල සිදුකල වැටලීම් 3 කට අදාල කල් ඉකුත් වූ භාණ්ඩ මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් විනාශ කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් වත්තල හා හැදල ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන තුනකින් අත්අඩංගුවට ගත් කල් ඉකුත් වූ කරවල සහ රටඉඳි මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම්වලින් පසුව විනාශ කරන ලදී.

විනාශ කරන ලද භාණ්ඩ තොගයේ කල් ඉකුත් වූ රටඉඳි – මෙට්‍රික් ටොන් 3.6,කල් ඉකුත් වූ හාල්මැස්සන් – මෙට්‍රික් ටොන් 1ක් හා කල් ඉකුත් වූ කරවල – කිලෝග්‍රෑම් 300ක් තිබි ඇත.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත්කල අංක 1875/38 (15.08.2014) දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ( නියෝග අංක 52 ) උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අදාල වෙළෙන්දුන්ට රු. 55,000 ක දඩ මුදලක් 27.08.2025 දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කෙරිණි.

කල් ඉකුත් වූ හෝ භාවිතයට නුසුදුසු නිෂ්පාදන විකිණීම සඳහා වෙනත් භාණ්ඩ සමඟ ගබඩා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සියලුම වෙළෙන්දන් දැනුවත් කරනු ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments