අඟහරුවාදා, පෙබරවාරි 17, 2026
HomeUncategorizedඕස්ට්‍රේලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයෝ මහනුවරදී කාර්යාංශ පොලිස් දැලට හසුවෙති...

ඕස්ට්‍රේලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයෝ මහනුවරදී කාර්යාංශ පොලිස් දැලට හසුවෙති…

වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින් ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ තරුණයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (02/12) මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර නගරයේ EGA Visa Consultancy නමින් ආයතනයක් පවත්වාගෙන යමින් ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ අනුව කාර්යාංශ විමර්ශන නිළධාරීන් විසින් අදාළ ආයතනය ඊයේ දින (2/12) වැටලීම් කරන ලද අතර, එහිදී කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව, වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති ආයතනයක් බව හෙළිවිය.

මෙම වංචනික ආයතනය පවත්වාගෙන ගිය ගම්පොල හා තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු එහිදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ ස්ථානයේ තිබී විදේශ රැකියා ගිවිසුම් 7ක්, විදේශ ගමන් බලපත්‍ර 5ක්, මුදල් කුවිතාන්සි පොත් ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.  

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දින (2/13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධික්ෂණය යටතේ, කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී.ආරියසිංහ, පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස්, පොලිස් සැරයන් මාරසිංහ හා කාර්යාංශ මහනුවර පළාත් කාර්යාලයේ නිළධාරීන් දෙදෙනෙකුද සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments