සිකුරාදා, පෙබරවාරි 20, 2026
Homeආරක්ෂක පුවත්ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැත්තෑපස්වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරීමට සියලු කටයුතු සූදානම්...!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැත්තෑපස්වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරීමට සියලු කටයුතු සූදානම්…!


ශ්‍රීි ලංකා ගුවන් හමුදා හැත්තෑපස්වන සංවත්සරය විවිධ අංඟ රැසක් සමග ඉතාමත් අභිමානවත් අයුරින් ලබන (02)සැමරීමට සියලු කටයු සූදානම් කර තිබේ.

මෙරට ඇතිවු දිට්වා සුළිසුලං අාපදා තත්ත්වය මත ගුවන් භටයකු හා ගුවන් යානයක් අහිමිවීම හා වැනි අභියෝගයන් මුහුණ දෙමින් එහෙත් මව්බිම වෙනුවෙන් කළ යුතු යුතුකම දිවිහිමියෙන් ඉටුකරමින් එම අභියෝගයන්ට අභිතව මුහුණ දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙවර සිය හැත්තෑපස්වන සංවත්සරය සැමරීමට කටයුතු සංවිානය කර තිබෙන බව එහි ප්‍රධා න නිලධාරින් ඉකුත් (18)ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ අකුරේ ගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගරයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසූහ.

‘සුරකිමු ලකඹර’ උදෘත පාඨය කරගනිමින් වසර හැත්තෑපහක සිය මෙහෙවර මව්බිම වෙනුවෙන් ඉටුකිරීමට ශ්‍රී ලංකා ගුවන් හැකිවිය.වසර 1948 පෙබ.(04)ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ගුවන් හමුදාවක් මේ රටේ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ඇතිවි තිබේ. ඒවකට සිටි රාජ්‍ය නායකයින්ගේ මැදිහත්වීමෙන් වසර 1951දී මාර්තු (02) රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීම සිදුවිය.

මෙම අභිමානවත් සංවත්සරය වෙනුවෙන් ගුවන් සංදර්ශන,ගගන ශිල්පීය තාක්ෂණික දැනුම සහිත අධ්‍යපනික ප්‍රදර්ශනයක් රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරු පරිශ්‍රය තුල මාර්තු මස (07,(08),සහ (09) යන දිනවලදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මේ වනවිට අමෙරිකාවෙන් හා ඔ්ස්ටෙුලියන්වෙන් පරිත්‍යාග ලෙස ලැබි ඇති ගුවන් යානා සමග අපේ අපාදා තත්ත්වයන්ට මුහුණ දිය හැකි තත්ත්වය වර්ධනය වී තිබෙන අතර ලබන මැයි මාසය වනවිට අපිට තවත් යානා දහයක් පමණ ලැබීමට නියමිත බව ප්‍රධාන නිලධාරින් මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍ය දැනුවත් කළහ.

කොළඹ බස් නැවතුම් පොළ නවීකරණය කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශයේ මගපෙන්වීම හා ශ්‍රමදායකත්වය යටතේ සිදුකෙරන බව මෙහිදි සිහිපත් කෙරිණි. මෙය ප්‍රවහාන අමාත්‍යාංශය අනුග්‍රහයෙන් සිදුවෙන අතර ලබන සිංහල හාදමිල අලුත් අවුරුදු කාලය වන විට අවසන් කෙරන බව මෙහිදි කරුණු අනාවරණයවිය. මහරගම අපෙක්ෂා රෝහලේ ළමා වාට්ටුවද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා බාහිර පරිත්‍යාගශීීන්ගේ මූල්‍ය දායකත්වයෙන් සිදුවේ.

එමෙන් ශ්‍රී ලාංකික පාපැදි ලෝලීන් අතර වඩාත් ජනප්‍රිය පාපැදි සවාරියක් වන ගුවන් හමුදා පාපැදි සවාරිය දෙස් විදේස් තරඟකරුවන්ගේ සහභාගිත්වයෙන් පෙබ. (27),(28) හා මාර්තු (01)දිනයන් හි පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙය කොළඹ සිට පුත්තලම,පසුව දඹුල්ල හා යළි කොළඹ වෙත ධාවනය කෙරන අතර කාන්තා පාපැදි තරඟය මාර්තු (01) පැවැත්වේ.

ගුවන් හමුදා සේවා වනිතා ඒ්කකය සිදුකරන සුභසාධන හා සමාජ සත්කාර මූලික කරමින් සංවිධානය කරනු ලබන ‘Symphony of Wings’සංගීත ප්‍රසංගය ගුවන් හමුදා ඊගල්ස් රෝක් සංගීත කණ්ඩායම හා ජනප්‍රිය ගී තරු සහභාගිත්වයෙන් (28) සවස 7.00ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වේ.

මේ සියලු කටයුතු හා මග පෙන්වීම, අධීක්ෂණය වත්මන් ගුවන් හමුදාපති ඒයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සිදුකරනු ලබයි. වසර හැත්තෑපහක් ශ්‍රී ලාංකීය ලක්අඹර සුරැකී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිරියටත් මාතෘ භූමිය වෙනුවෙන් තව මෙහෙවර ඉටුකිරන්නට සූදානමින් සිටයි.

අනුර ප්‍රේමලාල්

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments