


මෙමගින් අලිමිනිස් සහජීවනයට ශක්තිය සහ අලි පැටවුන් රැසකට කැපකරු මාපිය රැකවරණය ලැබෙනු ඇත.
මෑත වකවානුවේ අසන්නට ලැබෙන මෙම අලිමිනිස් ගැටුම ඇතුළු විවිධ හෙතූන් නිසා රැකවරණය අහිමිවු අලි පැටවුන්ගේ පැවැත්ම සහ අනාගත අභිවෘද්ධිය තහවුරු කිරීම, අලිමිනිස් ගැටුම අවම කිරීම අරමුණු කරගත් පුළුල් ව්‍යාපෘතියක් වන ‘සේව් අලි පැංචා’ අතිසාර්ථක දෙවන අදියර ආරම්භ කිරීම ‘වනජීීිවි සංරක්ෂණය සහ වනජීවි මිනිස් ගැටුම්වලට ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධ තීරණාත්මක ඉදිරිපියවරක් සනිටුහන් කරයි.
ඇත් අතුරු සෙවන සමග අත්වැල් බැඳගෙන මෙම දෙවන අදියරේ කේන්ද්‍රීය අවධානයක් යොමුවන්නේ අලි මිනිස් ගැටුම ඇතුළු විවිධ හේතු නිසා රැකවරණය අහිමිවන අතරමංවු අලි පැටවුන් රැකබලා ගන්නා උඩවලවේ ඇත් අතුරු සෙවන කෙරහිය. මෙම නිවස්නනය වෙත ලැබෙන ඉතා කුඩා අලි පැටවුන්ගෙන් 50%ක් පමණ අකාලයේ මරණයට පත්වීම කෙරෙහි විශේෂ අවධානය යොමු කිරමින් එම මරණ අනුපාතය අඩු කිරීම සඳහා අලි පැටවුන් සඳහාම විශේෂයෙන් නිර්මාණයවු වැඩි දියුණු කළ පෝෂණ සලාකයන් මෙම ව්‍යාපෘතතිය යටතේ පිරිනමුනු ලබන අතර අලි පැටවුන් විසිපස් දෙනකුට එමගින් සෘජුවම ප්‍රතිලාභ හිමිවේ. ඊට
ඔ්ස්ට්‍රෙලියාවෙන් ආනයනය කරන ලැබු අලි පැටවුන් සඳහාම විශේෂයෙන් සැකසු කිරිපිටිද ඇතුළත් වන අතර ළදරු මරණ අනුපාතිකය අඩුකර සහ සොෟඛ්‍ය සම්පන්න සංවර්ධනයක් සහතික කිරීමට එය උපකාරිවනු ඇත.
වනජීවි සංරක්ෂණයෙන් ඔබ්බට යමින් මෙම ව්‍යාපෘතිය මගින්
අධ්‍යාපනය සහ ජීවනෝපාය සංවර්ධනය ඔස්සේ අලි මිනිස් ගැටුමේ මූලහේතු සිහිපත් කරයි.
ඒ් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් සිසිු දරුදැරියන් හයසීයකට වැඩිප්‍රමාණයක් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
ප්‍රායෝගිකව සිදුවන අතර ප්‍රජාවන් හා වනජීවින් අතර සාමකාමි සහජීවනය පිළිබඳ අවබෝධය වර්ධනය සඳහා සිදුකෙර්.
මීට අමතරව සහජීවනය ප්‍රවර්ධනය කෙරෙන ගැටුම් කළමානකරණ ශිල්පීය ක්‍රම සහ ආදායම් උත්පාදනය උපාය මාර්ග පිළිබඳ ගෙවිලියන් සීයයක් දෙනකුට පුහුණුව ලබාදීමට නියමිතයි.
ප්‍රායෝගික දැනුම සහ විකල්ප ජීවනෝපාය කුසලතා මගින් කාන්තාවන් සන්නද්ධ කිරීමෙන් වනජීවින් සමග සෘණාත්මක අන්තර්ක්‍රියා අඩුකර ගැනීමට හැකිවන අතර ප්‍රජාවගේ ඔ්රොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරයි.
අලිමිනිස් ගැටුමේ මානව පිරිවැය හඳුනා ගනිමින් මෙම ව්‍යාපෘතියට අලිමිනිස් ගැටුම හේතුවෙන් දෙමාපියකු අහිමිවු දරුවන්ට දසදෙනකුට මාසික ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක්ද ඇතුළත්වේ. බලපෑම්වලට ලක්වූ පවුල්වලට අර්ථවත් තිරසාර සහයෝගයක් ලැබෙන බව සහතික කරන අතර පවුලේ සාමාජිකයින් සඳහා ඇතුළුව අවම වශයෙන් ප්‍රතිලාභීන් හතළිස් දෙනකුට සෘජුව හා වක්‍රව ප්‍රතිලාභ හිමිවේ .
මෙම ව්‍යාපෘතිය මගින් අලි පැටවුන් විසිපස්දෙනකු ටමෙන්ම දහසකට අසාන්න ප්‍රජාවකට සෘජු හා වක්‍ර සහන ලැබෙනු ඇත. මීට අමතරව එක්දහස් හයසීයකට ආසන්න පාසැල් ළමුන් සහ කෘෂි
ව්‍යවසායකයින්ට අධ්‍යාපනය , දැනුවත්භාවය සහ ජීවනෝපාය හිමිවේ .
‘සේව් අලි පැංචා’ ව්‍යාපෘතිය දෙවන අදියර වනජීවි ආරක්ෂණය, ප්‍රජා බලකරණනය හ ගැටුම්වලින් පීඩාවට පත් පවුල්වලට සහයවීම අන්තර්ගත සංරක්ෂණය සඳහා වු සාකල්‍ය
ප්‍රවේශයක් නියෝජනය කරයි.
චයිනා මර්චන්ට් ෆවුන්ඩේෂන් ලිමිටඩ් සමග හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ මෙමමුලපිරීම මිනිසා සහ සොබා දහම අතර තිරසාර සහජීවනය ඉදිරියට ගෙන යෑම සඳහා
ජාත්‍යාන්තර සහයෝගිතාවය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ අලිමිනිස් ගැටුමේ සංකීර්ණ අභියෝග වලට අඛණ්ඩව මුහුණ දෙමින් සිටින පසුබිමක් තුල මෙවැනි මුලපිරීම් මගින් මෙරට ජීවත්වන ඉතා සුවිශේෂි සත්ව විශේෂයක සංරක්ෂණය මෙන්ම ග්‍රාමිීය ප්‍රජාවේ ඔ්රොත්තු දීමේ හැකියාව සංවර්ධනය සඳහා ජාතික කැපවීම නැවත තහවුරු කරයි.





සටහන- අනුර ප්‍රේමලාල්
ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු



