ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත අතුරුගිරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ 2026.02.20 වන දින සිදුකල ඒකාබද්ධ වැටලීමකදී හෝමාගම ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී. වයස අවුරුදු 44 වන සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත



