බදාදා, පෙබරවාරි 25, 2026
HomeBUSINESSශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්ත ප්‍රදර්ශනය (ටෙක්ස්ටයින් සීරිස් Textile Series)ප්‍රදර්ශනය...

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්ත ප්‍රදර්ශනය (ටෙක්ස්ටයින් සීරිස් Textile Series)ප්‍රදර්ශනය මාර්තු (05)-(07) දක්වා (SLECC) හීදි…….

අනුර ප්‍රේමලාල්

ප්‍රදර්ශනයට සහභාගිවි ජාත්‍යාන්තර තරඟකාරිත්වයේ අත්දැකීම් ලබා ගැනීමට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ අයට ආරාධනා………

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්ත ප්‍රදර්ශනය පහළොස්වෙනි වරටත් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙම ප්‍රදර්ශනය මගින් එම ක්ෂේත්‍රයේ සියලුම අංශ නියෝජනයවන පරිදි මෙම ප්‍රදර්ශනය කොළඹ 10 ඩි.ආර්. විජයවර්ධන මාවතේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සම්මේලන ශාලාවේදි (SLECC)මාර්තු (05) සිට (07) දක්වා පැවැත්විීමට සියලු කටයුතු යොදා තිබේ.

මේ අවස්ථාවට ජාත්‍යාන්තරයේ රටවල් බොහෝමයක අත්දැකීම් ඇති මේක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සහභාගිවන බැවින් අපේ රටේ අපනයනකරුවන් සිය අපනයනයන් සඳහා ජාත්‍යාන්තරයේ පවතින අභියෝගන පිළිබඳ දැනුවත් වෙමින් ලෝකයේ අපනයන ක්ෂේත්‍රයේ තිබෙන තරඟකාරිත්වයට මුහුණදීමට මෙම ප්‍රදර්ශනය කදිම අවස්ථාවක් වනු ඇත.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් අද (24) දහවල් කොළඹ 03 සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි එහිදි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා; ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා; ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) සභාපති රාජිත ජයසූරිය මහත්මිය, CEMS-Global USA හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී එස්. එස්. සර්වර් මහතා; සහ CEMS-Global හි සමූහ අධ්‍යක්ෂ අභිෂේක් දාස් මහතා සහභාගී වූහ.

CEMS-Global USA සංවිධානය කරනු ලබන මෙම සන්ධිස්ථානීය ප්‍රදර්ශනය CEMS-Global හි ලෝක ප්‍රකට ‘ටෙක්ස්ටයිල් සීරිස්‘ (Textile Series)ප්‍රදර්ශන මාලාවේ විසිපස්වන සංවත්සරයට සමාගාමිව පැවැත්වේ. මෙලෙස ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට සහයවීම සහ එය ගෝලීය සැපයුම් දාමයන් සමග ශක්තිමත්ව ඒකබද්ධ කිරීම සඳහා ඔවුන් සතු දීර්ඝකාලීන කැපවීම මෙමගින් මැනවින් පිළිබිඹුවේ.

මෙම සංස්කරණය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB),ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF),ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLAEA)සහ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයන කරුවන්ගේ මණ්ඩලය(SLCGE)අනුමත කොට සහය දක්වයි.

බංගලාදේශය,බ්‍රසීලය, මොරොක්කෝව,ශ්‍රීලංකාව හා තායිලන්තය යන රටවල් වල වාර්ෂිකව පැවැත්වෙන CEMS-Globalහී රෙදිපිළි ප්‍රදර්ශන මාලාවේ කොටසකී.

මෙම වසරේ පැවැත්වෙන පහළොස්වන ‘ටෙක්ස්ටයිල් සීරිස්‘ (Textile Series) ශ්‍රී ලංකා ප්‍රදර්ශනය , එකම ස්ථානයක පැවැත්වෙන අනුබද්ධ ප්‍රදර්ශන ත්‍රිත්වයක් හරහා පූර්ණ ඒකාබද්ධ මූලාශ්‍ර පරිසර පද්ධතියක් නැවතවරක් ඉදිරිපත් කරනු ලබයි. ඒ අනුව රෙදිපිළි හා ඇඟලුම් තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ පිළිබඳ දහතුන්වන Textech Sri Lanka ජාත්‍යාන්තර ප්‍රදර්ශනය , නූල්,රෙදිපිළි හා අතිරේක උපාංඟ පිළිබඳ පහළොස්වන Colombo International Yarn & Fabric Show 2026, ඩයිවර්ග මෙන්ම රසායනික ද්‍රව්‍ය පිළිබඳ පනස්එක්වන DyeChem Sri Lanka ජාත්‍යාන්තර ප්‍රදර්ශනය මෙහිදි පැවැත්වේ. සමස්ත සැපයුම්දාමය පුරා විහිදුණු ගෝලීය තාක්ෂණය , යන්ත්‍ර උපකරණ, අමුද්‍රව්‍ය සහ නවෝත්පාදන හවුල්කරුවන් සමග මෙරට ඇඟලුම් අංශය සම්බන්ධ කරන ශ්‍රී ලංකාවේ වඩාත් පුළුල් වේදිකාව ලෙස මෙය අඛණ්ඩව පැවැත්වේ.

මෙම ප්‍රදර්ශන එකතුව මගින් ශ්‍රී ලංකාවේ වඩාත් පුළුල් මූලාශ්‍ර පරිසර පද්ධතිය නිර්මාණයවන අතර , එමගින් මෙරට නිෂ්පාදකයින් යන්ත්‍රෝපකරණ, අමුද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය නවෝත්පාදන යන අංශයන්හී ගෝලීය හවුල්කරුවන් සමග සම්බන්ධ කරනු ලබයි.

සීඝ්‍රයෙන් ව්‍යාපත්වන අපනයන ක්ෂේත්‍රය තුල තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍යවන ගෝලීය තාක්ෂණයන්, විකල්ප මූලාශ්‍ර සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් වෙත ප්‍රවේශවීමට මෙරට නිෂ්පාදකයින්ට අවස්ථාව සලසාදී තිබේ.

මෙවැනි ප්‍රදර්ශන මගික් ක්ෂේත්‍රයේ නවීකරණය වේගවත්වීම, නවෝත්පාදනයන් දිරිමත් කිරීම සහ විශ්වාසනීය ඇඟලුම් මූලාශ්‍ර ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාවරය ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යභාර්යක් ඉටුකරනු ලබයි.

CEMS-Global ආයතනය 2009 පශ්චාත් යුධ සමය දක්වා දිවයයි. මෙරට ආර්ථික පුනර්ජීවනයට සහය වීමේ දිීර්ඝ කාලීන දැක්මක් සහිතව CEMS Lanka (Pvt) Ltd. ආයතනය ඒ සමයේදී ස්ථාපිත කර කර තිබේ.

මීට අමතරව ප්‍රදර්ශනයකට ඔබ්බෙන්වූ උපායමාර්ගික කර්මාන්ත හමුවක්, නවෝත්පාදනය, තරඟකාරිත්වය සහ ගෝලීය සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම.

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments