සිකුරාදා, පෙබරවාරි 27, 2026
HomeUncategorizedකම්කරු දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමට සමුළුවක්.

කම්කරු දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමට සමුළුවක්.

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරුන් ඇතුළු විධායක නිලධාරීන් දැනුවත් කිරීම, එම දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම හා එහි ඉදිරි ගමන් මග සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කෙරුණු විශේෂ සමුළුවක් අද (26) පෙරවරුවේ කොළඹ 07 – ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සංහිඳ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කම්කරු පරිපාලනයේ ඩිජිටල් පරිවර්තනය ( Digital Transformation in Labour Administration ) මැයෙන් ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා විසින් විශේෂ දේශනයක් ද, සේවා ස්ථානවල හිරිහැර වැළැක්වීම සහ ඒවා ආමන්ත්‍රණය කිරීම (Preventing and Addressing Workplace Harassment ) මැයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අරෝෂා එස්. අධිකාරම් මහත්මිය විසින් විශේෂ දේශනයක් ද මෙහිදී පවත්වන ලදි.

කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවට කම්කරු දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් දෙසීයකට (200) ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.

වැඩ ලෝකයේ අවිධිමත් කරුණු ( Informalities of World of Work ) මැයෙන් විද්වත් සාකච්ඡාවක් ද පැවැති මෙම සමුළුවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස,කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද සහ කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීහූ රැසක් ද එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments