ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Fairway Properties සමාගම විසින් සිය හත්වන සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය වන ‘Fairway Latitude’ හි නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ගැනුම්කරුවන් වෙනුවෙන් පහසු මූල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා පසුගිය දා පෑන් ඒෂියා බැංකුව (Pan Asia Banking Corporation PLC) සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් තබන ලදී. සුඛෝපභෝගී නාගරික ජීවන රටාව පිළිබඳ උනන්දුවක් දක්වන පාරිභෝගිකයන් වෙත මේ ඔස්සේ වඩාත් විධිමත් සහ විශ්වාසදායක මූල්‍ය පහසුකම් සලසා දෙනු ලැබේ.
මෙම අවබෝධතා ගිවිසුම හරහා Fairway Latitude, නිවාස ගැනුම්කරුවන් සහ බැංකුව යන පාර්ශව ත්‍රිත්වය අතර ගොඩනගා ගත් එකඟතාවයන් යටතේ පෑන් ඒෂියා බැංකුවේ නිවාස ණය පහසුකම් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ. මනා විනිවිදභාවයකින් යුත් කඩිනම් ක්‍රියාවලියක් ඔස්සේ නිවාස හිමිකාරිත්වය ලබාගැනීමට මේ ඔස්සේ හැකියාව උදා වේ.එමෙන්ම පෑන් ඒෂියා බැංකුව පිරිනමන නම්‍යශීලී නිවාස ණය විසඳුම්, තරඟකාරී පොලී අනුපාත සහ පෞද්ගලික බැංකු සේවාවන්හි ප්‍රතිලාභ ද මේ හරහා පාරිභෝගිකයන් වෙත පිරිනැමේ.
Fairway Holdings හි සභාපති විරාත් ද අල්විස් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “Fairway Latitude යනු අපගේ සුඛෝපභෝගී මහල් නිවාස පෙළෙහි මීළඟ සුවිශේෂී සන්ධිස්ථානයයි. අපගේ පාරිභෝගියන් වෙත ලබාදෙන වටිනාකම තවදුරටත් ඉහළ නැංවීමට පෑන් ඒෂියා බැංකුව සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා අපට හැකියාව ලැබී තිබෙනවා. ඉහළම ගුණාත්මකභාවයකින් සහ සැලසුමකින් යුත් සුඛෝපභෝගී නිවසක හිමිකාරිත්වය ලැබීමට පාරිභෝගිකයාට තිබෙන අවස්ථාව මෙම පහසු මූල්‍ය අවස්ථා ලබාදීම ඔස්සේ තවදුරටත් සරල කිරීමට අප ආයතනය පියවර ගෙන තිබෙනවා.”
මේ සම්බන්ධයෙන් පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නලින් එදිරිසිංහ මහතා සිය අදහස් මෙසේ එකතු කළේය. “Fairway Latitude ව්‍යාපෘතිය සඳහා Fairway Properties සමාගම සමඟ සහයෝගීතාවයක් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. නවීන නිවාස ගැනුම්කරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා සඳහා සරිලන පරිදි සැකසූ මූල්‍ය විසඳුම් පිරිනමමින් ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නේවාසික ව්‍යාපෘති දිරිමත් කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුව දක්වන මහඟු කැපවීම මෙම අවබෝධතා ගිවිසුම ඔස්සේ මැනවින් ප්‍රදර්ශනය වෙනවා.”
Fairway Latitude ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති අතර එහි මහල් හයක වැඩකටයුතු දැනටමත් සාර්ථකව අවසන් කර ඇත. කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය සහ නියමිත වේලාවට ව්‍යාපෘති නිමා කිරීම සඳහා Fairway Holdings සමාගම සතු ඉහළ විශ්වාසනීයත්වය මෙමඟින් තහවුරු වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සංවර්ධන ආයතනයක් වන Fairway Holdings උසස් නිමාව, නවීන සැලසුම් සහ සියුම් තොරතුරු කෙරෙහි දක්වන අවධානය සම්බන්ධයෙන් ඉහළ කීර්තියක් දිනාගෙන සිටියි. සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති හයකට අධික ප්‍රමාණයක් සාර්ථකව නිමා කර මේ වන විට මහල් නිවාස ඒකක 1,000කට අධික සංඛ්‍යාවක් පාරිභෝගික අයිතියට පවරා ඇති Fairway සමාගම, ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස ක්ෂේත්‍රයට විශිෂ්ට ගණයේ ගෘහ විද්‍යාත්මක සහ ජීවන රටා ප්‍රමිතීන් එක් කරමින් සිටියි.
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුව විසින් නිවාස ණය, ආයතනික බැංකු සේවා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික මූල්‍ය පහසුකම් සහ ඩිජිටල් බැංකු සේවා ඇතුළු මූල්‍ය විසඳුම් රැසක් පිරිනමනු ලබයි. ආර්ථිකයේ මූලික අංශවල තිරසාර වර්ධනය සඳහා සිය සහයෝගය පිරිනමමින් පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් සලසා දීමට බැංකුව නිරන්තරයෙන් කැපවී සිටියි.
Fairway Properties සහ පෑන් ඒෂියා බැංකුව විසින් පාරිභෝගික විශ්වාසය දිනා ගත් දිගුකාලීන හවුල්කාරිත්වයන් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයට දායක වීම වෙනුවෙන් දක්වන උනන්දුව සහ කැපවීම මෙම අවබෝධතා ගිවිසුම මඟින්



