අඟහරුවාදා, මාර්තු 3, 2026
HomeUncategorizedඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට විශේෂ දැනුම්දීම් කිහිපයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට විශේෂ දැනුම්දීම් කිහිපයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට විශේෂ දැනුම්දීම් කිහිපයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුෂා කුරේ මහත්මිය පවසා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් තුන් ලක්ෂ පනස්දහසක් පමණ සිටින බව ද එම්බසිය විසින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය සහ අභ්‍යන්තර අමාත්‍යංශය සමඟ සෘජු සම්බන්ධතා පවත්වාගෙන යන බව ද ඇය සඳහන් කරයි.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හදිසි අවශ්‍යතා සඳහා සහාය ලබා දීමට විශේෂ සේවාවක් සකස් කර ඇති බවද පවසයි.

ගමනාගමන, ආරක්ෂිත ස්ථාන හා ගුවන්තොටුපොළ ප්‍රවේශ පිළිබඳ උපදෙස් තානාධිපති කාර්යාලය සහ ඩුබායි කොන්සියුලර් කාර්යාලය, ඩුබායි Face Book පිටුව මගින් නිතරම ප්‍රකාශයට පත් කරන බැවින් ඒවා පරීක්ෂා කරන බවද පැවසීය.

මේ අතර කිසිවෙකු හෝ මෙරටට සංචාරය කරමින් සිටීනම් ගුවන් සේව‍ාව සහ සංචාරක නියෝජිතයා සමඟ සම්බන්ධතාව පවත්වා ගන්නා ලෙසද සඳහන් කරයි.

නිල ප්‍රකාශ සහ නිල පුවත් පමණක් විශ්වාස කරන ලෙසද එමීර් රාජ්‍යයේ තම පුරවැසියන් සහ මෙරටට පැමිණෙන අය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments