
නෙදර්ලන්ත රාජධානියේ තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සමග සහයෝගීත්වයෙන් “ලෝක ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය (WPPE) – 2025 මෙවරත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
පවතින ඉහළ ඉල්ලුම සහ ඡායාරූප මාධ්‍යවේදීන් ඉදිරිපත් කරන ප්‍රබල කථා තේමාවන්හි ඇති අනන්‍යතාවය හේතුවෙන්, ලෝක ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය (WPPE) අඛණ්ඩව දෙවන වසරටත් මෙසේ සංවිධානය කෙරේ.
මෙම ප්‍රදර්ශනය පෙබරවාරි 27 සිකුරාදා සිට මාර්තු 08 ඉරිදා දක්වා කොළඹ “වන් ගෝල් ෆේස්” (OGF) හිදී ද, අනතුරුව මාර්තු 13 සිකුරාදා සිට මාර්තු 16 සඳුදා දක්වා මහනුවර “සහස් උයන” පරිශ්‍රයේදී ද පැවැත්වේ. ලොව පුරා වැදගත් ගෝලීය ගැටලු පිළිබඳව විචාරශීලීව සිතාබැලීමට අවස්ථාව සලසමින්, ලොව හොඳම සහ වඩාත් බලපෑමක් ඇති කළ ජනමාධ්‍ය ඡායාරූප සහ වාර්තාමය ඡායාරූප මෙහිදී ප්‍රදර්ශනය සඳහා සුදානම් කර ඇත.
1955 වසරේදී ආරම්භ කරන ලද ලෝක ජනමාධ්‍ය ඡායාරූප පදනම (World Press Photo Foundation), මාධ්‍ය නිදහස සහ දෘශ්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරමින් වඩාත් බලපෑමක් ඇති කරන ප්‍රදර්ශනයන් ඉදිරිපත් කර ඇත. 2021 වසරේ සිට ලෝක ජනමාධ්‍ය ඡායාරූප තරඟාවලිය කලාපීය මට්ටමින් ක්‍රියාත්මක වන අතර, එමඟින් සහභාගී වන ඡායාරූප ශිල්පීන් අතර වඩාත් පුළුල් භූගෝලීය සහ සංස්කෘතික විවිධත්වයක් තහවුරු කරයි. ගෝලීය විනිසුරු මඩුල්ලකගේ සහභාගීත්වයෙන් ජයග්‍රාහකයින් තෝරා ඇති අතර එහි සභාපතිනී ලුසී කොන්ටිසෙලෝ (Lucy Conticello) මේ සම්බන්ධයෙන් පැවසුවයේ මෙවැන්නකි, “විනිසුරු මඩුල්ල විසින් ජයග්‍රාහකයින් තෝරාගැනීමේදී, 2025 ලෝක ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය (WPPE) අර්ථ දක්වන ප්‍රධාන මාතෘකා තුනක් කෙරෙහි අවධානය යොමු විය. එනම්: ගැටුම්, සංක්‍රමණය සහ දේශගුණික විපර්යාසයන් ය. තවත් අයුරකින් කිවහොත්, මේවා ඔරොත්තු දීමේ හැකියාව, පවුල සහ ප්‍රජාව පිළිබඳ කතාන්දර වේ.” යැයි පැවසුවා ය.
මෙවර ප්‍රදර්ශනය සඳහා රටවල් 141 ක ඡායාරූප ශිල්පීන් 3,778 දෙනෙකුගෙන් ලැබුණු 60,000 කට ආසන්න ඡායාරූප ප්‍රමාණයක්, ඉහළ සුදුසුකම්ලත් ඡායාරූප මාධ්‍යවේදීන් 31 දෙනෙකුගෙන් සමන්විත කලාපීය සහ ගෝලීය විනිසුරු මඩුල්ලක් විසින් ඉතා සියුම් ලෙස සමාලෝචනය කරන ලදී. මෙම දැඩි සහ අපක්ෂපාතී තේරීම් ක්‍රියාවලිය හරහා වඩාත් ප්‍රබල සහ බලපෑමක් ඇති කරන ඡායාරූප තෝරා ගැනීම සහතික කෙරේ. 2025 ලෝක ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය මඟින් ඡායාරූප ශිල්පීන් 42 දෙනෙකුගේ නිර්මාණ ඉදිරිපත් කරන අතර, ඉන් 30 දෙනෙකුම තමන් ඡායාරූපකරණයේ යෙදුණු රටවලටම අයත් දේශීය ශිල්පීන් වීම විශේෂත්වයකි.
වැඩි විස්තර සඳහා:
• ලෝක මාධ්‍ය ඡායාරූප වෙබ් අඩවිය: https://www.worldpressphoto.org/
• ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) වෙබ් අඩවිය: https://slpi.lk/
• ෆේස්බුක් පිටුව: https://www.facebook.com/WorldPressPhotoSL
• නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය: https://www.netherlandsandyou.nl/web/sri-lanka/home
ඡායාරූප මාධ්‍යවේදයේ ප්‍රබල දෘෂ්ටිකෝණයන් ඔස්සේ ලෝකය අත්විඳීමට අප හා එක්වන්න.




අනුර ප්‍රේමලාල්
ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු



