සෙනසුරාදා, මාර්තු 7, 2026
Homeදේශීය පුවත්ජනතාවාදි රජයක් ලෙස අපි නිතරම සේවකයින්ට ඇහුම්කන් දෙමින් ඔවුන්ගේ ගැටලු විසඳන්න කටයුතු...

ජනතාවාදි රජයක් ලෙස අපි නිතරම සේවකයින්ට ඇහුම්කන් දෙමින් ඔවුන්ගේ ගැටලු විසඳන්න කටයුතු කරනවා- නි.ඇමැතිනි ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න

අනුර ප්‍රේමලාල්

ඇය මේ බව සඳහන් කළේ අද(03) කොළඹ මාලිගාවත්ත ප්‍රදීපාශාලාවේ පැවැති සමස්ත ලංකා තැපැල් සහ විදුලි පණිවුඩ සේවක සංගමයේ හැටවෙනි සංවත්සරය හා පනස්එක්වන නියෝජිත සමුළුව අමතමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය ජනමාධ්‍ය ඇමැතිනි ආරියරත්න මහත්මිය මෙසේද කීවාය……..තැපෑල ඇතුළු බොහෝමයක් රාජ්‍ය ආයතන වසා දමන තත්ත්වයක තම රජය පැමිණෙන විට පැවැති අතර සිය රජයේ ප්‍රතිපත්ති අනුව ඒවා යම් තරමකට නගා සිටුවන්න හැකිවු බව පැවසුවාය. ඩෙන්මාර්කය මේවනවි තැපෑල වසා දමා තිබෙන ලෝකයේ තැපෑල යම් අභියෝගයකට ලක්වෙමින් තිබෙන බවටද කරුණු ගෙනහැර පෑවේය.

කෙසේ වෙතත් මෙරට තෑපෑලට අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් හා ගොඩනැඟිලි නවීකරණය කරමින් නව ගොඩනැඟිලි ලබාදෙමින් තෑපෑල අද ඩිජිටල් කරණයටද ලක්කරමින් තිබෙන බව කීවාය. මේ සඳහා අවශ්‍ය පරිඝනක, ටැබ් යන්ත්‍රද ලබාදී ඇති බව සිහිපත් කළ ඇය භෞතික සම්පත් අපි රජයක් ලෙස ලබාදුන්නත් සේවක ගැටලු පිළිබඳවත් නිරන්තරයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරන බව පෙන්වාදුන්නාය.

මෙම සමුළුවේ තේමාව වන ඩිජිටල් කරණයට එක්වෙමු නවීකරණය වෙමු යන පාඨට ඉතා කාලෝචිත එකක් වන අතර රාජ්‍ය ආයතනවල මනා කළමනාකරණයක්ද තිබිය යුතු බව පැවසූවාය.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා අදහස් දක්වමින් 2025දී තැපෑල භාණ්ඩාගාරය ලබාදුන් ඉලක්කය ආදායම සපුරා තිබෙන බව අනාවරණය කළේය. මිලියන දහතුන් දහස් පන්සීයක් වූ අතර මෙම වසරේ එම ඉලක්කය මිලියන පහලොස් දහසක් බව කීය. නමුත් තැපෑලේ වියදම අදායමට වඩා වැඩිවන අතර මෙම වෘත්තිය සමිතියේ ඉල්ලීම අනුව පාපැදි වෙනුවට යතුරු පැදි හෝ ත්‍රීවිලර් ලබාදීමට ඇමැති නලින්ද ජයතිස්ස මහතා සමග කතා කළාමට ඇති ත්‍රීවිලර් අපි ෆෝවිලර්වලට යමු යැයි ධානාත්මක පිළිතුරක් දුන් බව පැවසීය. ඒ අනුව ඉන්දියාවෙන් කුඩාවාහනයක් මේ සඳහා ලබාගැනීමට මේවසරේ ක්‍රියා කරන බව කීය. නුවර එළිය තැපැල් කාර්යාලය සංචාරක ව්‍යාපාරයට ගැලෙපෙන ලෙස නවීකරණය කරන බව කීය. ඊට රුපියල් මිලියන දෙසීයක් ලබාදුන් අතර මෙවර අයවැයෙන්ද යම් මුදල් ප්‍රතිපාදනයක් ලබාගැනීමට ඉල්ලීමක් සිදුකර තිබෙන බව කීවේය. මේ වසරේ මෙම මුල් මාස දෙකේදී යහපත් ආදායමක් තෑපෑල ලබාතිබෙන බවද හෙතෙම කීය.

තැපෑලේ සේවක පිරිසෙන් වැඩි පිරිසක් මෙම වෘත්තීය සමිතිය නියෝජනය කරන අතර මෙය පැරැණිම වෘත්තීය සමිතියක් බව කීය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ, නව සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නව රත්න, තැපැල් අධිකාරි මනෝජී නානයක්කාර,ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර,

සමස්ත ලංකා තැපැල් සහ විදුලි පණිවුඩ සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පි.එච්.එස්.ශාන්ත ප්‍රිය, සභාපති ඒ.ඩි.ඒ.නිශාන්ත මෙහිදි අදහස් දැක්වූහ.

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments