පාසැලින් ආරම්භ කොට මලල ක්‍රීඩාව ඉදරියට ගෙන යන වැඩපිළිවෙලක්……- සුනිල් ජයවීර…
මගේ එකම අරමුණ මලල ක්‍රීඩාවේ නව සැලසුම් සකස් කරමින් අපේ දරුදැරියන් ජාත්‍යාන්තරයට ගෙන යන මාර්ගය සකස් කිරීමයි- සභාපතිධූර අපේක්ෂක -බිමල් විජේසිංහ
මලල ක්‍රීඩාවේ නව මං සොයන්න ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ සහයෝගය අපේ කණ්ඩායමට ලබාගත හැකියි-ලේකම්ධූර අපේක්ෂ මාධව බණ්ඩාර සෙනරත්

අනුර ප්‍රේමලාල්
ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු
මලල ක්‍රීඩාවේ යහපත් පරිවර්තන යුගයක් අරම්භ කිරීම මෙම කණ්ඩායමේ එකම අරමුණ වන අතර ඒ සඳහා අවශ්‍ය දක්ෂයින්ගේ එකමුතුවක් මෙතැන සිටින බව මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වූ සුනිල් ජයවීර මහතා පැවසීය.
මෙය පාසැල තුලින් ඇරඹිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම අවශ්‍ය අයෙක් දැනටමත් අපි පාසැල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස පත් කොට ඇති බව අනවාරණය කළේය.
ඒ නිසා ඒ මහතා අපේ සහයෝගයට අද මෙම ස්ථානයට පැමිණි තිබෙන බව හෙතෙම පැවසීය.
ලබන (12) පැවැත්වෙන මලල ක්‍රීඩා නිලවරණයේදී සභාපතිධූරය සඳහා ඉදිරිපත්ව සිටින බිමල් විජයසිංහ මහතා අදහස් දක්වමින් මෙම නිලවරණයෙන් පසු සියලු දෙනාගේම සහයෝගය ඇතිව සෑම දිස්ත්‍රික්කයකම මලල ක්‍රිඩාව සංවර්ධනකරමින් ජාත්‍යාන්තරයට ඔසවා තැබීම මෙම තනතුරට ඉදිරිපත්වීමේ එකම අරමුණ බවට කරුණු පැහැදිලි කළේය.
ඇතැමුන් මාව පැරෂුට්කාරයෙක් ලෙස හඳුන්වන්න උත්සහ කළත් තමා මලල ක්‍රීඩාවට පැරෂුට් කාරයෙක් නොවන බව අවධාරණය කර සිටියේය.
මේ තනතුරට පත්වීමෙන් වෙනත් කිසිම අරමුණක් නොමැති අතර මලල ක්‍රීඩාවේ උන්නතීය වෙනුවෙන් හැකි උපරිම අයුරින් කැපවීම පමණක් එකම බලාපොරොනත්වු බව විජයසිංහ මහතා පැවැසීය.
අපේ කණ්ඩායමේ එකම අරමුණ ජාත්‍යාන්තර මලල ක්‍රීඩා තරඟවලදී ජයග්‍රහණ ලබා වාර්තා පිහිටුවමින් ඉදිරියට යන අපේ දරුපරපුර සිංහ ධජ ඔසවාගෙ සිටින අයුරු දැකීම බවද අවධාරණයෙන් කීය.
මෙම නිලවරණයට මෙරට සිටින මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධ තනතුරු ඔබවමින් කටයුතු කළ ප්‍රවීණයෙක් වන සුනිල් ජයවීර මහතාගේ සම්පූරණය සහයෝගය ලැබෙන බව පෙන්වාදුන් ඒ මහතා සිය කණ්ඩාය විවිධ අංශවලින් උපරිම දක්ෂතා පෙන්නුම් කළ හා කරන මලල ක්‍රීඩාවේ නිපුනතා ඇති අය බවට කරුණු ගෙන හැර පාමින් කීය.
මෙවර නිලවරණයේ ලේකම් තනතුර සඳහා ඉදිරිපත්ව සිටින මාධය බණ්ඩාර සෙනරත් මහතා…. මලල ක්‍රීඩාවෙන් සෑහෙන කාලයකින් අපේ රටට සැලකිය යුතු දක්ෂතා පෙන්නුම් කරන ක්‍රීඩක ක්‍රීඩකයින් හඳුන්වා දෙන්න නොහැකිබව කීය.
මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව සැලසුමක් සමග ඉදිරියට ගමන් කරවීම සිය කණ්ඩායමේ එකම බලාපොරොත්තුව වන අතර ඒ සඳහා අවශ්‍ය පරිපාලකයින්, ක්‍රීඩා තාක්ෂණය හා ක්ෂේත්‍රය පිළිබඳ හසල අත්දැකීම් ලත් පිරිසක් තම කණ්ඩාය දෙස සලකා බැලීමේදි පෙනන බව කීය. ලෝකයේ තිබෙන තරඟාවලියන්ට අමතර තරඟද සංවිධානය වෙමින් තිබෙන අතර ඒ සඳහා ජාත්‍යාන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ සැලසුම් අනුව ක්‍රියාකරමින් ඒ තරඟ සඳහා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කරවීමට බලාපොරොත්තුවන බව පැවසීය.
මෙම කණ්ඩායමේ මෙහෙවර හා දැක්ම ඉදිරිපත් කරමින් මූලික මූලධර්ම,පාලනය හා පරිපාලන ප්‍රතිසංස්කරණ,බිම්මට්ටමේ හා දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධනය, පුහුණුකරුවන් සංවර්ධනය,තාක්ෂණික නිලධාරින්ගේ දැනුම,කුසලතා හා ආකල්ප සංවර්ධනය, උසස් මට්ටමේ ක්‍රීඩක සංවර්ධය මලල ක්‍රීඩාව සංවර්ධනය සඳහා විධිමත් සැලසුම් සකස් කිරීම යන මාතෘකා ඔස්සේ මෙම කණ්ඩායම කරුණු පුළුල්ව ඉදිරිපත් කර ඇත.
මෙම කණ්ඩායමට අයත් අනෙකුත් නිලධාරී මහත්ම මහත්මිහු වන්නේ උපසභාපති ජයන්ත සිය මුදලී, ජගත් ඥානසිරිද සිල්වා. උපලේකම් ඇලෝයි නිශාන්ත.භාණ්ඩාගාරික රසිකා නිලංගනී. දත්ත වාර්තාකරු එස්.එම්.ඒ. බි. සමරකෝන්.
කමිටු සාමාජිකයින් වන්නේ කේ.ජේ.එස්. ප්‍රදීප් පීරිස්,ගීතා පතිරණ වසම්,ගීත් උදයාංග මානවඩු,ටෙනිසන් ශ්‍රී වර්ණසිංහ අබේගුණරත්න,වී. ඊශ්වරන්,සුගත් කුමාර ගලගමගේ,නෙවිල් රොද්‍රිගු,ප්‍රසන්න අළුවිහාරේ,අමිත් ප්‍රසන්න ප්‍රියදර්ශන,චින්තක ගුණරත්න



