ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ සවිබල ගැන්වෙන කාන්තාවන් 1500ක ගේ සහභාගීත්වයෙන් මාතර දී සැමරේ.
අද (08 )දින ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියමහත්මියගේප්රධානත්වයෙන් රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී පැවැත්විණි.
වාර්ෂිකව මාර්තු මස 08 වන දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් මෙම නිල සැමරුම සංවිධාන කර තිබුණි.
මෙවර එය සැමරුනේ “පොහොසත් රටක අබිමන – ඇය වේ දැයක පෙරමග” යන තේමාව පෙරටු කර ගනිමිනි.
ජාතික කාන්තා දිනය විවිධ සංස්කෘතිකාංග සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ අංග වලින් සමන්විත වූ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර මහත්මිය විසින් එහි ආරාධිත දේශනය කරන ලදී.
මෙම අවස්ථාව අමතමින් කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළේ,
“කාන්තාව කියන්නෙ ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පෙන්වන ලේබල් එකක් නෙවෙයි. කාන්තාවක් එහෙම නැත්නම් මම වැඩිපුරම කැමති විදියට කිව්වොත් “ගැහැණියක්” කියන්නෙ ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී සිටිය හැකි මහා ශක්තියට කියන සමාන පදයක්.
රට දේශපාලනිකව, ආර්ථිකව සහ සමාජයීයව අර්බුදයට පත්වෙද්දි තම ලයේ එරුණු කිරි ටික හංගගෙන, අවුරුදු දෙකකටත් වඩා අඩු දරු පැටියාව නිවසේ තබා ගව් ගණනක් දුර ඈත රටවලට ඔබ ගියේ තමන්ගේ දරුවන් පමණක් නොව, මේ දේශයම ජීවත් කරවන්නට ඩොලර් සෙවීමේ අරමුණින්.
ඒ වැගිරූ හැම කඳුළු බිඳුවකටම, හැම දාඩිය බිඳුවකටම වටිනාකමක් ලබා දෙන යුගය දැන් උදා වී තිබෙනවා.” යන්නයි.
කාන්තා දින ජාතික සැමරුම අමතමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ප්‍රකාශ කළේ,
“ස්ත්‍රී – පුරුෂ සමාජභාවය වැරදි සහගත ලෙස වර්ගීකරණය කරමින් ගොඩනැඟුණු අසාධාරණ සමාජ දෘෂ්ටිකෝණයන් නිවැරදි කිරීමේ අභියෝගය අප අද භාරගෙන සිටිමු. එම පටු ආකල්පවලින් මිදී, ස්ත්‍රිය සතු මානුෂීය ශක්තිය සහ ඇගේ සැබෑ භූමිකාව හඳුනා ගැනීම අපගේ ප්‍රමුඛතම ජීවන දර්ශනය බවට පත් ව ඇත.” යන්නයි.
ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් ජාත්‍යතර කාන්තා දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ “කාන්තා සවිය ” සඟරාවේ විශේෂ කලාපය ගරු අග්‍රාමාත්‍යතුමිය, අමාත්‍යවරුන් ඇතුළු සම්භාව්‍ය අමුත්තන් වෙත පිළිගැන්වීම වැඩසටහන අතරතුර සිදු කෙරුණි.
මුළු දිවයිනම නියෝජනය කරනු ලබන කාන්තා ව්‍යවසායිකාවන් අතුරින් දිස්ත්‍රික් මට්ටමින් හොඳම ව්‍යවසායිකාවන් ලෙස තේරී පත්වුණු ව්‍යවසායිකාවන් 25 දෙනෙකු. ඇගයීම සිදුවිය.
මීට අමතරව ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතය (JICA) විසින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සවිබල ගන්වන ලද ව්‍යවසායිකාවන් ඇගයීම ද මෙහි දී සිදුවිය.
ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ ක්ශේත්‍ර යාන්ත්‍රණය වන කාන්තා කාර්යය සංවිධානයන්හි සාමාජිකාවන් 1500 ක ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවට විශය භාර අමාත්‍යවරුන් ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, දකුණු පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා, කාර්මාන්ත සහ ව්‍යවසයකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනි වික්‍රමසිංහ මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, ඉන්දුනීසියානු, වියට්නාම ඇතුළු ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල නියෝජනය කරනු ලබන තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ සවිධානය ඇතුළු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයන්හි නියෝජිතයින්, මහජන නියෝජිතයින් කලාකරුවන්, අමාත්‍යාංශ නිලධාරීන්, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසමේ සමාජිකාවන්, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ඇතුළු නිලධා



