22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජනතාව කබලෙන් ලිපට - පා.ම. තිස්ස අත්තනායක

ජනතාව කබලෙන් ලිපට – පා.ම. තිස්ස අත්තනායක

අද මේ රට ඉතාමත් නරක තත්ත්වයට පත්වෙලා. ඊයේ(26) ඉන්ධන මිල මේ වසර තුළ 5 වෙනි වතාවටත් වැඩි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා. එය ඉතිහාසයේ වැඩි වෙච්ච විශාලතම ප්‍රතිශතයයි. මේ ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණ්ඩුව මොකක්ද අපේක්ෂා කරන්නේ ඉන්ධනත් සමග තමයි ජනතාවගේ කර්තව්‍යයන් බැදිල තියෙන්නේ මේ මොහොතේ ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණ්ඩුව සිදුකර තිබෙන්නේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් බව සමගි ජන බලවේග පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ (27)විපක්ෂ නායක කාර්යාලයේ දීය.
ආණ්ඩුව ජනවාරි ජුනි ඇතුලත අවස්ථා ගණනාවක් ඉන්ධන මිල වැඩි කළා. එහිදී එයට සමානව අත්‍යවශ්‍ය සේවා හා භාණ්ඩ මිල මිල යන ඉහළ ගියා. ඒ බව විශේෂඥයන් හා රටේ පාලකයන් දන්නවා නමුත් තෙල් මිල වැඩිකිරීම නිසා රටේ අවාසනාවන්ත තත්වය අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ.

අද රටේ ජීවන වියදම වැඩිවීම 150 %කට ආසන්නයි. ලෝකයේ වැඩියෙන්ම උද්ධමනය වාර්තා වෙන රටවල් අතර අපි දෙවැනි තැනට පත්වෙලා. ආසියාවේ පාකිස්ථානය වැනි රටවල අපට යටින් තියෙන්නේ දරුණු තත්ත්වයක රට යන මේ මොහොතේ තිබෙන්නේ එහිදී මොකක්ද විසඳුම කියන්න ආණ්ඩුවේ නායකයන්ට බැරි වෙලා.ඉන්ධන මිල වැඩිවීම ආණ්ඩුව නොකළ යුතු දෙයක් හැම දෙයක්ම ජනතාව පිට පටවමින් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩිවීම ජනතාවට බරක් කරමින් ආණ්ඩුව අත සෝද ගන්න උත්සාහ කරනවා ඒ ගැන අපි කණගාටු වෙනවා තෙල් මිල වැඩි වුණත් එය සපය ගන්න නොහැකි මට්ටමකට ආණ්ඩුව ඇද වැටිලා. ආණ්ඩුව බලයට එන විට පෙට්‍රල් ලීටරයක මිල තිබුණේ 177 ට .අද එය 470 ක් දක්වා ඉහළ ගිහින් ඩීසල් තිබුණේ 121 දැන් 460 ක් දක්වා වැඩි වෙලා එය ඉතාමත් නරක තත්වයක් ඒ හා සමානවම ජනතාවගේ ආදායම වැඩි වුණේ නැහැ . ඒ නිසා ආණ්ඩුවෙන් අපි අහනවා මේ ආකාරයෙන් ඛනිජතෙල් , ගෑස් , විදුලි ප්‍රශ්නය විසඳන්න හා උද්ධමනය පාලනය කරන්න ආණ්ඩුව ගත්ත උත්සාහය මොකක්ද ?කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. අපි සමගි ජනබලවේගය විදියට මීට මාස ගණනාවකට පෙර කිව්වා සර් ෆේල් කියලා. එසේ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කරපු පියවරයන් නිසා රට අසාර්ථක වෙනවා දැකීම හේතුවෙන්. ඒ කතාව අද අපිට වෙන විදියකට කියන්න වෙනවා සර් පමණක් නෙමෙයි සර්ලා දෙන්නම ෆේල් වෙලා අගමැති රනිල් වික්‍රමසිංහ තවම තනතුරට ඇවිත් පස්වන සතිය කිසිදු මූලික ප්‍රශ්නයකට ආණ්ඩුවට උත්තර හොයන්න බැරි වෙලා.

අද වන විට රට පුරා ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුත්ත සම්පූර්ණම අසාර්ථක ව්‍යාපෘතියක් නමුත් විසඳුම මොකක්ද, ඛනිජ තෙල් ඇමතිතුමා ඊයේ මාධ්‍යයට කිව්වා token ක්‍රමයක් පාවිච්චි කරනවා කියලා. එය සලාක ක්‍රමයක් ඇත්තටම එහෙම දෙන්න වත් තෙල් බිඳුවක් මේ රටේ නැහැ. ඒ වගේම අංක පිළිවෙළ අනුව සතිපතා තෙල් ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරනවා කිව්වා එහෙම කරන්නත් ඉන්ධනහල් වල තෙල් තියෙන්න ඕන හැබැයි එහෙම තෙල් ලබාදීමේ ක්‍රමවේදයක් ඉන්ධනහල් වල නැහැ. අද වෙනකොටත් බහුතරයක් තෙල් බෙදාහරින්න ගෙන්නාගන්න තෙල් නොමැති තත්ත්වයට පත්වෙලා. ඊයේ අපූරු විසඳුමක් ඛණිජතෙල් ඇමැති කිව්වා ලංකාවේ තෙල් බෙදා හැරීම සඳහා තිබෙන ඉන්ධනහල් විදේශ සමාගම් වලට විකුණා දමන්නට ආණ්ඩුව තීරණය කර බව කියනවා. ඒ ගැන කැබිනට් මණ්ඩලය තීරණය ගන්නවා කිව්වා ඒ කියන්නේ ලංකාවේ තිබෙන ඛනිජතෙල් සංස්ථාව සතු ඉන්ධන හල් විදේශ සමාගම් කිහිපයකට විකුණා දමන්නට ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. ඒ සඳහා නිල වශයෙන් අනුමැතියක් ලබා ගන්න බව තමයි කියන්නේ. ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ශ්‍රී ලාංකික අයිතිය තියෙනවා ඒ ව්‍යාපාර සියල්ල විකුණා සල්ලි කරන්න බලනවා ඒක විසඳුමක් නෙමෙයි තෙල් හිඟයට විසඳුමත් ඉන්ධනහල් විකිණීම නෙමෙයි indian ඔයිල් සමාගමට ලංකාවේ තෙල් බෙදාහැරීමේ සංස්ථාව සතුව තිබුණු ඉන්ධන හල් වලින් 30%ක් මීට වසර කිහිපයකට කලින් විකුණලා දැම්මා. හැබැයි ඉන්දියන් ඔයිල් සමාගම මැදිහත් වෙලා ඒ 30%න් හරි ඔවුන්ට පුළුවන් වුණාද ඔවුන්ගේ ඉන්ධනහල් වල තියෙන තෙල් අලෙවි කරන්න ඒවට තෙල් නැහැ. මේ අර්බුදය අස්සේ ලංකාවේ සම්පත් විදේශ සමාගම් වලට විකිණීමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ අර්බුදය මැද නැවත වතාවක් ලංකාවේ දේශීය සම්පත් විකුණලා දාලා ප්‍රශ්නය වෙනත් පැත්තට හරවල නිදහස් වෙන්න එය කණගාටුදායක තත්වයක්. මේ මොහොතේ ආණ්ඩුව අනුගමනය කරන මේ උපාය මාර්ගය වන තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විකුණන ක්‍රියාවලියට දැඩි ලෙස විරුද්ධත්වය පළකරනවා. මේක නෙවෙයි විසඳුම තෙල් ගෑස් විදුලිය සසැපයීම ආන්ඩුවේ මූලික වගකීමක් එය ඉෂ්ට කරන්න ආණ්ඩුව අසමත් වෙලා මේ කරන්නේ අර්බුදය අස්සේ මුදල් හම්බ කිරීමක්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments