25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedනීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී අත් අඩංගුවට.

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී අත් අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව (01) රාත්‍රියේදී කල්පිටිය කීරිමුන්දලම වෙරළාශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මුහුදු මාර්ගයෙන් නීතී විරෝධි ලෙස රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 1680 ක පමණ තොගයක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් දිවයින වටාවු මුහුද හා වෙරළ තීරයන් ආවරණය වන පරිදි මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, කල්පිටිය පොලිස්ථානයේද සහාය ඇතිව (01) රාත්‍රියේදී කල්පිටිය, කීරිමුන්දලම වෙරළ ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි. එහිදී ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ රැගෙනවිත් රට තුලට ප්‍රවාහනය කිරීමේ අරමුණින් සඟවා තිබූ බවට සැකකෙරෙන උර 64 ක අසුරන ලද බීඩි නිශ්පාදනයට යොදා ගන්නා කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 1680 ක පමණ ‍තොගයක් මාළු වාඩියක් තුල සඟවා තිබීයදී අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.   

තවද, මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments