29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලාංකික තරුණ තරුණියන් නවසීලන්තයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් සඳහා යොමු...

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් නවසීලන්තයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීමට පියවර.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් නවසීලන්තයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීම සම්බන්ධව විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබදව සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් හා වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරුන් අතර පැවැත්විණි.

මෙම ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබද සාකච්ඡාව පසුගියදා (30) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

විශේෂයෙන්ම ක්‍රිකට්, රග්බි, ටෙනිස්, පාපන්දු සහ මලල ක්‍රීඩා වැනි ක්‍රීඩා ක්ෂේත්‍රවල පුහුණුකරුවන් හා කාර්මික ශිල්පීන්, කිරි ගොවීන් සහ මුල් ළමාවිය අධ්‍යාපන හුවමාරු වැඩසටහන් වල ගුරුවරුන් යන රැකියා ක්ෂේත්‍රවල නියැලෙන්නන් නවසීලන්තයේ පුහුණු වැඩසටහන් සදහා යොමු කිරීමට ක්‍රමවේදයක් සකස් සකස් කර දෙන ලෙස අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙතෙක් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ අයහපත් ක්‍රියාදාමයක්ව පැවැති දේශපාලන මැදිහත්වීම් වළක්වමින් ඉදිරියේදී රටට පදක්කම් දිනාදීමේ වගකීම ක්‍රීඩා ආයතනවලට භාරදීමට තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සැකසීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ජාතික ක්‍රිකට් කණ්ඩායමට අවම වශයෙන් වසර පහක පමණ කාලයක් ස්ථාවර සාමාජිකයන් සිටීම අවශ්‍ය බවත්, කණ්ඩායම් සාමාජිකයින් වරින් වර වෙනස් නොකර ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ස්ථානය පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට අවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.

අපේ ආර්ථිකය තුළ රටට ඉතා ඵලදායි වන කිරි ගොවිතැන පිළිබඳව තරුණ තරුණියන් පුහුණු කිරීම තම ප්‍රධාන අදහස බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා මහ කොමසාරිස්වරයාගේ මගපෙන්වීම සහ උපදෙස් මෙන්ම සහයෝගය ද අපේක්ෂා කළ අතර, ඒ සඳහා එතුමාගේ අනුමැතිය හිමිව තිබේ. තමාට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ තරුණ තරුණියන් සඳහා වෘත්තීය අංශයේ රැකියා අවස්ථා ලබා දීම බව අමාත්‍යවරයා පැවසීය.

නවසීලන්තයේ රග්බි ක්‍රීඩාව ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රග්බි ක්‍රීඩාව මෙරට දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බැවින් ක්‍රීඩකයින් සඳහා අරමුදල් ලබාදීම ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා අනුග්‍රාහකයෙකු සොයා දෙන ලෙස ඉල්ලා සිටියේය.

තරුණ තරුණියන් යහපත් දේශපාලනඥයන් බවට පත්කිරීම සඳහා රජය ජාතික තරුණ සේවා සභාව හරහා නව පුහුණු වැඩසටහන් සංවිධානය කරමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. උදාහරණයක් ලෙස යොවුන් පාර්ලිමේන්තුව පිළිබදව අමාත්‍යවරයා පැහැදිළි කළේය.

දේශීය ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළ හැකි හෝ නිර්මාණය කළ හැකි දේවල් ආනයනය මන්දගාමී කිරීමට ද රජය සැලසුම් කරයි. මේ සම්බන්ධයෙන් නවසීලන්ත රජයෙන් සහාය ඉල්ලා සිටියේය. අපගේ මිත්‍ර රටවල් දෙක අතර සාකච්ඡා, සහයෝගය සහ මගපෙන්වීම තුළින් මෙය සාක්ෂාත් කරගත හැකි බව තමා විශ්වාස කරන බව ඔහු පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments