21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්චීනය තායිවාන ගුවන් හා මුහුදු සීමාවේ යුද අභ්‍යාසය අරඹයි.

චීනය තායිවාන ගුවන් හා මුහුදු සීමාවේ යුද අභ්‍යාසය අරඹයි.

තායිවාන ගුවන් හා මුහුදු සීමාවේ, චීනය සැලසුම් කළ යුද අභ්‍යාසය මේ වන විට ආරම්භ කර තිබේ. 

බී.බී.සී. පුවත් සේවය වාර්තාකරන්නේ, තායිවාන දූපතේ සිට සැතපුම් 12ක වපසරියක් තුළදී මෙම යුද අභ්‍යාසය සිදුකෙරෙන බවයි.

චීනය මෙම සජීවී යුද අභ්‍යාසය සිදුකරන්නේ, එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල කතානායකවරිය වන, නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.

තායිවානය ඊයේ දිනයේ ප්‍රකාශ කළේ, චීන ගුවන්යානා 27ක් සිය ගුවන් ආරක්ෂණ කලාපයට ඇතුලුවී ඇති බවයි.

ඊට ප්‍රහාරක ජෙට් යානා ද ඇතුළත් වේ.

ලොව කාර්ය බහුලම ජල මාර්ග කිහිපයක සිදුකෙරෙන මෙම යුද අභයාසයේදී  “දිගු දුර සජීවී පතොරම් වෙඩි තැබීම් ද ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබිණ. 

චීනයේ මෙම යුද අභ්‍යාසය සිතා මතා ඇති කරන තර්ජනයක් බව තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන් වෙන් ප්‍රකාශ කළේ ය. 

චීනය මෙම දැඩි පියවර අනුගමනය කරමින් සිටින්නේ, අමෙරිකානු කතානායකවරිය  නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට ප්‍රතිචාර ලෙසයි.  

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments