හෙරොයින් හා ව්‍යාජ මුදල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක එච්.පී.ජී.කේ. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) කල්මුණ පොලිස් වසමේ කල්මුණ, කාසිම් පාර, නුරානියා කනත්ත හංදියේ දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 03, මි.ග්‍රෑ. 100 ක්, නීතයානුකුල නොවන අයුරින් වර්ණ මුද්‍රණ යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් සකසන ලද ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 03 ක් හා හෙරොයින් ජවාරමින් උපයාගත් මුදල් රුපියල් 19,300.00 සමග කල්මුණකුඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්මුණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම් වලදී ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් කඩවත පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් 202ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් වැලිපැන්න පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 310ක් සහිත යකඩ බැරල් දෙකක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ලිටර් 67.500ක් ළඟ තබාගෙනි සිටි අයකු අත්අඩංගුවටගෙන තිබේ. අරලගංවිල කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර නැතිව වැලි පටවමින් සිටි අයකු සමග ට්‍රැක්ටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් රත්නපුර පොලිස් වසමේ වැටලීම් තුනක් සිදුකර බලපත්‍ර නැතිව යන්ත්‍ර උපකරණ යොදාගනිමින් නීති විරෝධි ලෙස පතල් කැණීම් කරමින් සිටි පුද්ගලයින් හත්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ හෙරොයින් ග්‍රෑම් 01.170ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

