පසුගිය දා නිමාවට පත්වූ 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීයය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ලබාදෙමින් මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා දුන් නෙත්මි අහිංසා පෝරුතොටගේ ක්‍රීඩිකාව (15) දින ඇයගේ පුහුණුකරු හා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම අමාත්‍යාංශයේදී හමුවූ
පුහුණුවීම් කටයුතු සමඟ ඇයගේ අධ්‍යාපන කටයුතු සමබරව පවත්වාගෙන යාම පිළිබදව එහිදී සාකච්ඡා කළ අතර, මීළඟ ඔලිම්පික් තරගාවලියට හා අ.පො.ස. උසස් පෙළ විභාගයට එකවර මුහුණදීමට සිදුවීම ඇයට යම් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවී තිබේ. මෙවැනි සුවිශේෂී අවස්ථාවල ජාත්‍යන්තර පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අ.පො.ස.උසස් පෙළ විභාගය වෙනුවට එයට සමගාමී පාඨමාලාවක් සමඟ උපාධිය හැදෑරීමේ විශේෂ ක්‍රමවේදයක් හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධි අවස්ථාවක් ලබාගැනීමට ඇති හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙස අමාත්‍යාංශ ලේකම්තුමාට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුණි. මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට එහිදී තීරණය විය.
දක්ෂ ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් බිහිවීමට පෝෂණය ඉතා වැදගත් කරුණක් බැවින් නෙත්මි ක්‍රීඩිකාවගේ ආහාර පිළිබද අමාත්‍යවරයා විමසා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින මල්ලවපොර පුහුණුකරුවන් විධිමත්ව පුහුණුකරවා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 2 ශ්‍රේණිය දක්වා උසස් කිරීමට අවශ්‍ය පාඨමාලාවක් පැවැත්වීමට අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දීමටත් අමාත්‍යවරයා එකඟ විය.
ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තුවක්-අමාත්‍ය රොෂාන් රණසිංහ
RELATED ARTICLES