29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය සහ වෙනත් ජාවාරමුන් එස්.ටී.එෆ්.දැලේ

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සහ වෙනත් ජාවාරමුන් එස්.ටී.එෆ්.දැලේ

වියළි ගංජා තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම අත්අඩංගුවට ගැනීම් සිදුක ඇත. ඒ් අනුව විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.ජී.ඩී. වීරසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) කොස්ලන්ද පොලිස් වසමේ උණකන්ද රක්ෂිතය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර වියළි ගංජා කිලෝ 10, ග්‍රෑම් 910 ක් අඩංගු පාර්සල් 02 ක් හා මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ලන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ‌ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ
ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව
විශේෂ කාර්ය බලකා⁣යේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) පෑළියගොඩ පොලිස් වසමේ සුදර්ශන මාවතේ බුලුගහ හංදියේ දී වැටලීමක් සිදුකර රුපියල් 85,000 කට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 71 ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 90,000 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී (18) ගෝනහේන කඳවුරේ නිලධාරී පිරිසක් ගණේමුල්ල පොලිස් වසමේ කොස්සින්න මාර්ගයේ පිහිටි සංජි ලංකා මර්සලින් පාවහන් වැඩපොළ අසලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරින් පිරිසක් බන්ධනාගාර තහනම් භාණ්ඩ බන්ධනාගාරය තුලට රැගෙන යෑමට උත්සහ කළ රැඳවියකු අත්අඩංගුවට ගෙන තිබේ. මන්නාරම කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ තෝට්ටවේලි ප්‍රදේශයේ දි කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුලියන්කුලම කඳවුරේ නිලධාරි පිරිසක් ඔ්මන්ත පොලිස් වසමේ මාදර්පනික්කර් මහිලන්කූලම් කැලැබද ප්‍රදේශයේ තිබු මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්වක් සොයාගෙන ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ කුරුණෑගල -නුවර මාර්ගයේ සෙංකඩගල ෆිනෑන්ස් ආතනය ඉදිරිපිටදි හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කලවංචිකුඩි කඳවුරේ නිලධාරි පිරිසක් කාත්තන්කඩි පොලිස් වසමේ බාවාලේන් කාත්තන්කඩි 06 ප්‍රදේශයේදි හෙරොයින් සහ අයිස් ළඟ සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් වාලච්චේන පොලිස් වසමේ කිරාන් ප්‍රදේශයේදි බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අරන්තලාව කඳවුරේ නිලධාරින් පිරිසක් සහ මහඔය කඳවුරේ නිලධාරි පිරිසක් ඒ්කාබද්ධව සිදුකරන ලැබු මෙහෙයුමකදී මහඔය පොලිස් වසමේ අබේලන්ද ප්‍රදේශයේදි මහඔය ඔය තුලට බෝට්ටු දෙකක් ඇතුළුකර බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර වැලි පටමින් සිටි හය දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි පිරිසක් කපුගොල්ලෑව පොලිස් වසමේ තාමරවැව ප්‍රදේශයේ පිහිටි වැව් රක්ෂිතයේ අනවසරයෙන් කුඹුක් ගසක් කපමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරි පිරිසක් ගොවිදු පුර පොලිස් වසමේ කොටාගොඩ ජයන්තිවැව ප්‍රදේශයේදි නීති විරෝධි ලෙස තහනම් දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments