චූවා සමන්ත නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශ III හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. ඒ අනුව විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක ඒ.එච්.ඕ.එස්. සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) දෙහිවල පොලිස් වසමේ දෙහිවල ගුවන් පාලම අසල දී වැටලීමක් සිදුකර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චූවා සමන්ත නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන වයස අවුරුදු 24 ක දෙහිවල පදංචි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම අයිස් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ තුනකට ආසන්න වෙි.
කසළ තේ ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්නපිටිය මහතාගේ හා ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.එම්.එන්.එස්. තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්(19) පේරාදෙණිය පොලිස් වසමේ කොස්සින්න හංදිය අසල දී වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව ලොරි රථයක් මගින් කසළ තේ කිලෝ ග්‍රෑම් 6,960 ක් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 32 ක් මුරුතගහමුල පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මේ අතර (18) මත්පෙති 690 ක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත් ඩංගුවට ගෙන තිබේ.
හා බස්නාහිර උතුර භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කදවුරේ අංක 02 යතුරුපැදි කණ්ඩායමේ උප පොලිස් පරීක්ෂක ඒ.ඩී.යූ.පී. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්වත්තල පොලිස් වසමේ වත්තල හේකිත්ත මාර්ගයේ පොඩි පාලම අසල ඩියුලැක්ස් වෙළදසැල ඉදිරිපිට ක්ෂණික මාර්ග බාධකයක් යොදා වාහන පරික්ෂා කරමින් සිටිය දී වැටලීමක් සිදුකර පැමිණි යතුරුපැදියක් නවතා එම යතුරුපැදියේ පැමිණි පුද්ගලයා පරික්ෂා කිරිමේ දී ඔහු සන්තකයේ තිබී Pregablin 150 mg වර්ගයේ මත්පෙති 690 ක් සොයාගත් අතර පසුව සැකකරු හා මත්පෙති වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මොහු වත්තල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක් වේ.
