අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව කටයුතු සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කදවුරේ සහකාර පොලිස් අධිකාරි විජේසිංහ මහතාගෙ මොහයවීමෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (200 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේ ශ්‍රි විමලාරාම මාවතේ ලංකාබෙල් කුළුන අසල දී වැටලීමක් සිදුකර රුපියල් ලක්ෂ 09 කට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 74, මිලි ග්‍රෑම් 74 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 41,000.00 ක් හා විද්‍යුත් තරාදියක් සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පී.ආර්.එස්. නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) තණමල්විල පොලිස් වසමේ සූරියආර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර
විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ස්වයංක්‍රිය නොවන ගිණි අවියක්, බෝර 12 ජීව උණ්ඩයක් හා බෝර 12 හිස් උණ්ඩ කොපු 10 ක් සන්තකයේ තබාගෙන සිටි තණමල්විල ප්‍රදේශයේ වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස ගිණි අවියක් ලග ගබා ගෙන යමි අපරාධමය කටයුත්තක් සදහා එය භාවිතා කලේදැයි පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
