29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීමේ සිද්ධියට අධාර අනුබල දුන් පුද්ගලයකු සහ කාන්තාවක් හෙරොයින්...

ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීමේ සිද්ධියට අධාර අනුබල දුන් පුද්ගලයකු සහ කාන්තාවක් හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) ඩී.එස්. කුලසේකර මහතාගේ මොහයවීමෙන් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) බියගම පොලිස් වසමේ අංක 53/52, කදුබොඩ, දෙල්ගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඉකුත් (04) ගල්කිස්ස අධිකරණය තුල දී වෙඩි තැබීමේ සිද්ධියට අධාර අනුබල දුන් වැලිගම හා ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු සහ අවුරුදු 37 ක කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 520 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments