29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsදරුණු පාතාලයකු, අවි සමග එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන ඇත.

දරුණු පාතාලයකු, අවි සමග එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන ඇත.

දිවයින පුරා අපරාධ රැසක් සිදුකළ හාල් සමීර නොහොත් වර්ණකුලසූරිය ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් ප්‍ර‍නාන්දු ගිණිඅවි හා උණ්ඩ සමග විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශ I හි නිලධාරීන්ට ලැබුණූ තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය අධ්‍යක්ෂක බුද්ධි වී.ජී.ඩී.ආර්. කරුණාරත්න මහතාගේ හා බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ අධීක්‍ෂණය යටතේ ස්ථානාධිපති ව්ශේෂ මෙහෙයුම් අංශ I හි ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.වී.එල්. විජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) මිනුවන්ගොඩ පොලිස් වසමේ අංක 64/6, කෙසෙල්කොටුව, පට්ටඩුවන, මිනුවන්ගොඩ ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දිවයින පුරා පිහිටි සහල් නිෂ්පාදකයින්ගෙන් මහා පරිමාණයෙන් සහල් එක්රැස් කර ඒ සඳහා අගරු චෙක්පත් නිකුත් කර වංචනික අන්දමින් සහල් ජාවාරම් සිදු කරමින් කටයුතු කල වයස අවුරුදු 36 ක මීගමුව පදංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු අවස්ථා කිහිපයකදීම සිදුකරන ලද නීති විරෝධී ක්‍රියා හේතුවෙන් වරදකරුවෙකු වී බන්ධනාගාර ගත වූ පුද්ගයෙකු වන මොහු කටාන, කොච්චිකඩේ යන ප්‍රදේශවල නීති විරෝධී ලෙස මුදල් එක්රැස් කරමින් ජනතාව භීතියට පත්කර කටයුතු කල පුද්ගලයෙකු වන මෙම සැකකරු සිදු කල අපරාධ හේතුවෙන් දැනට අධිකරණයන් වල පැවැත්වෙන හා අවසන් වී ඇති නඩු සම්බන්ධ විස්තර වාර්ථාව පහත පරිදි වේ.
නාවුල ම/උ නඩු අංක B 417/2015 යටතේ සහල් රුපියල් ලක්ෂ 54 ක වංචාවක් සිදු කිරීම, නාවුල ම/උ නඩු අංක B 562/2015 යටතේ සහල් රුපියල් ලක්ෂ 20 ක වංචාවක් සිදු කිරීම,මාරවිල ම/උ නඩු අංක L 31316/2015 යටතේ සහල් රුපියල් ලක්ෂ 02 ක වංචාවක් සිදු කිරීම, දෙහිඅත්තකන්ඩිය ම/උ නඩු අංක 67/2017 යටතේ සහල් රුපියල් ලක්ෂ 54 ක වංචාවක් සිදු කිරීම, තබුත්තේගම ම/උ නඩු අංක B 1535/2017 යටතේ මිනිසුන් බිය ගැන්වීම සඳහා වෙඩි තැබීමක්, මිනුවන්ගොඩ ම/උ නඩු අංක B 525/2018 යටතේ සහල් රුපියල් ලක්ෂ 07 ක වංචාවක් සිදු කිරීම, කුලියාපිටිය ම/උ නඩු අංක 42034/2018 යටතේ රුපියල් ලක්ෂ 04 ක චෙක්පත් වංචාවක් සිදු කිරීම,කුලියාපිටිය ම/උ නඩු අංක 42038 යටතේ නීති විරෝධී ගිණි අවියක් සන්තකයේ තබා ගැනීම, මහව ම/උ නඩු අංක B 590/2018 යටතේ සහල් රුපියල් ලක්ෂ 58 ක වංචාවක් සිදු කිරීම, මාරවිල ම/උ නඩු අංක 34313/D යටතේ සහල් රුපියල් ලක්ෂ 07 ක වංචාවක් සිදු කිරීම, හම්බන්තොට ම/උ නඩු අංක BR 261/2018 යටතේ සහල් රුපියල් ලක්ෂ 17 ක වංචාවක් සිදු කිරීම,මීගමුව ම/උ නඩු අංක 36716 යටතේ ලී බඩු රුපියල් අටලක්ෂ හතලිස් දහසක මූල්‍ය වංචාවක් සිදු කිරීම, මීගමුව ම/උ නඩු අංක 29258 යටතේ ගොඩනැගිලි ද්‍ර‍ව්‍ය රුපියල් ලක්ෂ 02 ක මූල්‍ය වංචාවක් සිදු කිරීම,මීගමුව ම/උ නඩු අංක 27751 යටතේ FREELEN පුද්ගලික ආයතනයෙන් භාණ්ඩ ලබාගෙන රුපියල් ලක්ෂ 12 ක වංචාවක් සිදු කිරීම.

හාල් සමීර නොහොත් වර්ණකුලසූරිය ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් ප්‍ර‍නාන්දු යන අය රැඳී සිටි නිවස පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ ස්ථාන කිහිපයක සඟවා තබාගෙන සිටි ඉතාලියේ නිෂ්පාදිත අංකය සඳහන් කර නොමැති රිවෝල්වර අවි 02,චීනයේ නිෂ්පාදිත ෂොට්ගන් අවියක්, (13069 MADE CHINA BY NORINCO)
තහනම් කඩුවක්, මි.මී. 09 වර්ගයේ ජීව උණ්ඩ 10ක්, 0.38 විශේෂ වර්ගයේ ජීව උණ්ඩ දෙකක්, බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 11ක්, අවි ආයුධ අත්අඩංගුවට ගැනීමට හැකිවි තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments