කාර්යබහුල නොවන වේලාවන් සඳහා වන විදුලි ගාස්තු පිළිබඳව නැවත සලකා බලන ලෙස JAAF, PUCSL වෙතින් ඉල්ලා සිටී
විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ලංකා විදුලිබල මණ්ඩලයට (CBSL) අවසර ලබා දීමත් සමඟ කර්මාන්ත අංශය සඳහා අදාල වන කාර්යබහුල නොවන (off-peak) සහ දිවා කාලයේ (Daytime) විදුලි ගාස්තු ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත.
මහජන උපයෝගිතා කොමිසමේ මූලික යෝජනාවට අනුව, කාර්මික අංශය සඳහා කාර්යබහුල නොවන වේලාවන්වලදී වන විදුලි ගාස්තුව රුපියල් 6.85 සිට රුපියල් 14.50 දක්වාත් දිවා කාලයේ ගාස්තුව රුපියල් 11.00 සිට රුපියල් 18.50 දක්වාත් වැඩි කිරීමට යෝජනා වී ඇත. මෙම මූලික ලේඛනයේ සඳහන් off-peak ගාස්තු වැඩිවීම තරමක් ඉහළ බැවින් JAAF, off-peak වේලාවන් සඳහා වන සිය යෝජනා ඉදිරිපත් කළේය. එහිදී යෝජිත off-peak ගාස්තු 50% කින් අඩු කර අදියර දෙකකින් ක‍්‍රියාත්මක කළ යුතු බව JAAF සිය යෝජනාවලින් පෙන්වා දී ඇත. කෙසේ වෙතත්, JAAF හි මෙම යෝජනාව නොසලකා PUCSL හි මුල් ලේඛනයේ සඳහන් off-peak ගාස්තු වැඩිවීමට වඩා අවසන් යෝජිත off-peak ගාස්තු ඉතා ඉහළ අගයක් ගනී. මෙහිදී යෝජිත අවසන් ගාස්තු වැඩි වීම අනුව කාර්මික අංශය තුළ off-peak වේලාවන් හිදී විදුලි ගාස්තු සඳහා වන 113% ක වැඩි වීම අසාමාන්‍ය බවත් එය කර්මාන්තයට අහිතකර බවත් JAAF පෙන්වා දී තිබේ.
PUCSL පළමුවෙන් ඉදිරිපත් කළ ලේඛනයේ සඳහන් daytime විදුලි ගාස්තු වැඩිකිරීම් තරමක් මධ්‍යස්ථ වූ බැවින් JAAF ඒ සඳහා යෝජනා ඉදිරිපත් නොකළේය. නමුත් එම ලේඛනයේ සඳහන් ගාස්තු වැඩිකිරීම් වලට වඩා PUCSL හි අවසන් යෝජිත daytime ගාස්තු ඉහළ අගයක් ගනී. එබැවින්, ඇඟලූම් කර්මාන්තයේ අවශ්‍යතා පිළිබඳව කර්මාන්තය වෙනුවෙන් JAAF විසින් ඉදිරිපත් කරන ලද යෝජනා නොසලකා හැර තිබීම නිසා කාර්මික අංශය සඳහා වන යෝජිත අවසන් විදුලි ගාස්තු පිළිබඳව JAAF සිය කණගාටුව පළ කර සිටී. කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇති දැවැන්ත පාඩුව මගහරවා ගැනීමට මෙම සංශෝධන අනිවාර්ය බව කර්මාන්තය හොඳින් වටහා ගෙන ඇත.
JAAF විසින් පෙන්වා දී ඇති කරුණු සැලකිල්ලට නොගෙන අනුමත කරන ලද කාර්යබහුල නොවන සහ දිවා කාල ගාස්තු, 12 වන කාණ්ඩය සඳහා පළමුවෙන් යෝජනා කළ විදුලි ගාස්තුවලට වඩා ඉහළ අගයක් ගනී. එපමණක් නොව, පුදුමයට කරුණක් නම්, දිවා කාල ගාස්තු සඳහා කරන ලද සංශෝධන මුලින් යෝජනා කළ ගාස්තුවලට වඩා තුන් ගුණයකින් වැඩි වීමයි. පහත වගුවේ පෙර, යෝජිත සහ ප‍්‍රකාශිත දිවා කාලයේ සහ කාර්යබහුල නොවන සංශෝධිත විදුලි ගාස්තු දැක් වේ.
Industry I2 පෙර යෝජිත ප‍්‍රකාශිත
දිවා කාල (05:30-18:30) 11.00 18.50 29.00
කාර්ය බහුල (18:30-22:30) 20.50 31.50 34.50
කාර්ය බහුල නොවන (22:30-05:30) 6.85 14.50 15.00
JAAF මේ සම්බන්ධයෙන් අවධාරණය කරමින් කියා සිටින්නේ off-peak ගාස්තු වැඩි කිරීම off-peak යන්නෙහි අරමුණ පවා හෑල්ලූවට ලක් කර ඇති බවයි. එනම්, off-peak තිබීමේ අරමුණ වන්නේ කාර්යබහුල නොවන වේලාවන්හිදී ව්‍යාපාරවලට සිය මෙහෙයුම් කටයුතු කිරීමට දිරිගැන්වීමයි. මෙම ක‍්‍රියාමාර්ගය කර්මාන්තයේ මෙහෙයුම් පිරිවැයට එකතු කරනු ඇති අතර ඒ හේතුවෙන් කර්මාන්තයට කාර්යබහුල නොවන වේලාවන්හිදී කාර්ය මණ්ඩලය වෙනුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදු වනු ඇත. එපමණක් නොව, ඇගලූම් කර්මාන්තය වැනි බලශක්තිය අධිකව වැයවන ව්‍යාපාර පැය 24 පුරා ක‍්‍රියාත්මක වේ. එහිදී off-peak විදුලි ගාස්තු ඉතා සීඝ‍්‍ර ලෙස ඉහළ