29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඉන්ධන වැඩිමිලට අලෙවිකිරීමට ගිය ජාවාරමෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

ඉන්ධන වැඩිමිලට අලෙවිකිරීමට ගිය ජාවාරමෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

රුපියල් එක් ලක්ෂ අසු දහසකට අධික වටිනාකමින් යුතු පෙට්‍රල් ලීටර් 400 ක් වැඩි මිලට අළෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය පුල්මුඩේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වව්නියාව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.බී.එස්.එන්. ගුණරත්ත මහතාගේ හා සහකාර පොලිස් අධිකාරී ඩබ්.ආර්.වී.එම්. අබේසේකර මහතාගේ අධීක්‍ෂණය යටතේ පුල්මුඩේ කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.ඒ.ඩී.එස්. කුලතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) පුල්මුඩේ පොලිස් වසමේ කෝකිලායි, කලපුතුඩුව ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව වැඩි මිලට ඉන්ධන අළෙවි කිරීම සඳහා පෙට්‍රල් ලීටර් 400 ක් ළඟ තබාගෙන සිටි වයස අවුරුදු 40 පසුවන කිඹුලාපිටිය ප්‍රදේශවල පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments