29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා...

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඒ, බංග්ලාදේශයට එරෙහි තරගය කඩුලු 2 කින් ජය ගනිමිනි.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ශ්‍රී  ලංකාවේ ඇරයුමින්, පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 183කි. 

මෙහෙදි හසන්  ලකුණු 38  රැස් කිරීමට සමත් වූ අතර ,නායක ශකීබ් අල් හසන් ලකුණු 24 යි. 

අෆීෆ් හුසේන් ලකුණු 39 ක් සහ මහමදුල්ලා ලකුණු 27 ක් රැස් කළේ ය.
 
වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. 

පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 20 කට දැවී ගියේ ය.

චරිත් අසලංකට රැස් කිරීමට හැකි වූයේ  එක් ලකුණක් පමණි.

කුසල් මෙන්ඩිස් සහ නායක දසුන් ශානක 05වන කඩුල්ල සඳහා ලකුණු 54ක සබඳතාවක් ගොඩ  නැගීමට සමත් විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 60ක් රැස් කළ අතර දසුන් ශානක ලකුණු 45 යි.

චාමික කරුණාරත්න ලකුණු 16 යි.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments