29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය අභිනව මහසභා රැස්වීම නාවික හමුදා මූලස්ථානයේදී...

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය අභිනව මහසභා රැස්වීම නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වේ

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය අභිනව මහසභා රැස්වීම ත්‍රිවිධ හමුදා ඉංජිනේරු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් (09) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව, ත්‍රිවිධ හමුදා ඉංජිනේරු නිලධාරීන් ගේ සහ ඉංජිනේරු කාර්මිකයන්ගේ තාක්‍ෂණික දැනුම වර්ධනය කිරීම, තාක්‍ෂණික සම්පත් ඵලදායී ලෙස හුවමාරු කරගැනීම මෙන්ම ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික අංශයන් අතර සහයෝගීත්වය වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින්, සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ ප්‍රථම මහ සභා රැස්වීම මෙලෙස (09) පැවැත්විණි.

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රමුඛ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ අභිනව මහසභා රැස්වීමේදී, එහි ප්‍රථම සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ පත් කෙරුණු අතර, ත්‍රිවිධ හමුදාව නියෝජනය වන පරිදි අනෙකුත් නිලතල සඳහා සාමාජිකයන් පත් කිරීම සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ඉංජිනේරු අංශයන්ගේ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments