29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPවසර අටකට පසු ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියනු කුසලානය දිනාගනියි.

වසර අටකට පසු ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියනු කුසලානය දිනාගනියි.

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරඟයේ කාසියවාසිය දිනු පාකිස්ථාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නේය. ඒ් අනුව පිටියට පිවිසි දසුන් චානක ප්‍රම්‍රඛ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවි ලකුණු 170ක් රැස්කිරීමට සමත්විය. එහිදි අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ නොදැවි ලකුණු 71ක් රැස් කිරීමට සමත්විය. ඊට හයේ පහර තුනක් සහ හතරේ පහර 6ක් ඇතුළත්ය. වනිදු හසරංඟ ලකුණු 36ක් රැස් කළ අතර ධනංජයද සිල්වා 28ක් ලකුණු රැස් කළේය. පාකිස්ථානය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවිමේදි හැරිස් රවුෆ් කඩුලු 3ක් ලබාගත්තේය. අනතුරුව ලකුණු 171ක ප්‍රබල ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්ථානයේ පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්වූහ. ඒ් අනුව පාකිස්ථානයට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවි ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණී. පාකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 55ක් රැස්කළ අතර ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 32ක් රැස් කළේය. පන්දු යැවීමේදි ශ්‍රීලංකාවේ ප්‍රමෝද් මධුෂාන් කඩුලු 4ක් ලබාගත්තේය. වනිදු හසරංඟ කඩුලු 3ක් ලබාගත්තේය. ඒ් අනුව වසර අටකට පසු ආසියානු කුසලානය දිනා ගැනීමට දසුන් චානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මේ අතර ආසියානු කුසලානය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සුබපැතුම් එක්කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments