29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ආසියානු කුසලානය දිනු නෙට්බෝල් ක්‍රිඩිකාවෝ ඇමැති හමුවෙති.

ආසියානු කුසලානය දිනු නෙට්බෝල් ක්‍රිඩිකාවෝ ඇමැති හමුවෙති.

සිංගප්පූරුවේ පැවැති දොළොස් වන ආසියානු දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ දී අපරාජිතව අවසාන මහා තරගය දක්වා පැමිණියාය.

සිංගප්පූරුව සමග (11) පැවති අවසාන මහා තරඟයේදී ලකුණු 63-53 ලෙස සිංගප්පූරුව පරදා ශ්‍රී ලංකාව ජය හිමිකර ගත්තාය.

ආසියානු තරඟාවලිය අතරතුර දී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දැක්වූ දක්ෂතාවයන් හේතුවෙන් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්වල පැවැත්වීමට නියමිත 2023 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලි සඳහා නිතරගයෙන් තේරී පත්විය.

ආසියාවේ අංක 01 වෙමින්, ශ්‍රී ලංකාව ඉහළින්ම ඔසවා තැබීමට උර දුන් ජාතික දැල්පන්දු ශූරියන්ට උණුසුම් සුබ පැතුම් එක් කරන අතර, 2023 දී පැවැත්වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලාන තරඟාවලියේ පළමු ස්ථානයට පත්ව ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවට ගෞරවයක් කීර්තියක් අත්කර දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා යි, හෘදයාංගම සුබ පතමි!

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments