29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්තොටලඟ ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වහාම සහන සළසන්න - ජනපති ජපානයේ සිට අදාළ...

තොටලඟ ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වහාම සහන සළසන්න – ජනපති ජපානයේ සිට අදාළ අංශ වලට උපදෙස් ලබාදෙයි.

කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීරණයක අද පස්වරුවේ ඇතිවූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාව, ගිනි නිවන හමුදාව, සෞඛ්‍ය අංශ, නාගරික සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් අදාල සියලූම රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයන් වහාම සිදුකොට අද රාත්‍රියේ සිටම එම මහල් නිවාස සංකීරණයේ පදිංචිව සිටි පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් සොයා බලා ඒ වෙනුවෙන් කඩිනම් පහසුකම් සළසන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව එම සියලුම අංශ මේ වනවිටත් ගිනි නිවීමට අවශ්‍ය උපරිම මැදිහත්වීම ලබාදීමටත් අනෙකුත් අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සැපයීමටත් පියවර ගෙන තිබේ.

විශේෂයෙන් මේ තත්ත්වය මත දැඩි අපහසුතාවට පත්වන මව්වරුන්ට, කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳවත් සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments