29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්චීනය සැබෑ තීරණාත්මක ගෝලීය නායකයෙක් - අගමැති කියයි. , බාහිර මැදිහත්වීම්වලට අපගේ...

චීනය සැබෑ තීරණාත්මක ගෝලීය නායකයෙක් – අගමැති කියයි. , බාහිර මැදිහත්වීම්වලට අපගේ ජාතීන් දෙක අතර මිත්‍රශීලී හුවමාරුවලට බාධා කළ නොහැකියි – ශ්‍රී ලංකාවේ චීන තානාපති ‍ෂී චෙන්හොං පවසයි.

ඒ් මහත්වරු මේ බව සඳහන් කළේ ඉකුත් (28) 73 වන චීන ජාතික දිනය වෙනුවෙන්, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මගින් සංවිධානය කළ මිත්‍ර සමුළුව අග්‍රමාත්‍ය දිනේෂ ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ‍චී චෙන්හොං යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවැති අවස්ථාවේදීය.

එම සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා හා සාමාජිකයන් ආරාධිත අමුත්තන් පිළිගත්හ. මෙම සමුළුවට ශ්‍රී ලාංකා චින මිිිත්‍ර සංගමය. ශ්‍රී ලංකා චින සංගමය. ශ්‍රී ලංකා චින ජනමාධ්‍යවේදීන්ගේ සංසදය හා ශ්‍රී ලංකා චින බෞද්ධ සංගමය සහයෝගය දක්වන ලදී.

අනතුරුව උත්සව සභාව ඇමතූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා,අතීතයේ සිටම චීනය ශ්‍රී ලංකාවේ කල්‍යාණ මිතුරෙකු බවත් සැපේදි මෙන්ම දුකේදීත් ළඟින්ම සිටින්නේ කල්‍යාණ මිතුරන් බව පැවසුවේය .එබැවින් චීනය ශ්‍රී ලංකාවට සුවිශේෂී මිතුරෙකි.දෙරට අතර බැඳීම සහශ්‍ර කීපයක් පැවති බව ලෝකප්‍රකට ඉතිහාසඥ පාහියන් භික්ෂූන් වහන්සේගේ වාර්තා මගින් ද පැහැදිලි වෙයි.මීට දශක හතකට පෙර දෙරටේ රාජතාන්ත්‍රික සබඳතා නොතිබුණු යුගයක රබර් සහල් ගිවිසුම අත්සන් කිරීමට හැකිවිය.එම ජයග්ර හණයේ හැත්තෑ වැනි සංවත්සරය මෙම වසර මුලදී සැමරිය. චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතා වල හැටපස් වන සංවත්සරය මේ වසරේ දී සමරනු ලැබීමද ඓතිහාසික අවස්ථාවක් බව ප්‍රකාශ කළේය.

චීනය සැබෑ තීරණාත්මක ගෝලීය නායකයෙකි.විශේෂයෙන් ආසියාව අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව ඇතුළු සියලු ජාතීන්ගේ සමෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කර තිබේ.එමෙන්ම චීනය ජාත්‍යාන්තර බලතුලනය වෙනස් කරන්න ගෝලීය දැවැන්තයකු බවට පත්වෙමින් සිටී.දේශපාලන, සමාජ ආර්ථික ,දිළිඳුකම පිටුදැකීම ,සංස්කෘතික , විද්‍යාත්මක ,තාක්ෂණික, පරිසරය ,පර්යේෂණ සහ අභ්‍යවකාශ ක්ෂේත්‍ර වල චිනයේ වේගවත් ප්‍රගතියට අප සියලු දෙනාගේ ගෞරවය හිමි විය යුතුය.ගෝලීය සමගිය හා මෙරට ජනතාවගේ සමෘද්ධිය සඳහා ශක්තිය ලබා දීමට දෙරටේ මිත්‍රත්වය තව තවත් වර්ධනය වනු දැකීම අපේක්ෂාව බවද අගමැතිවරයා කීවේය.

එහිදි කථාකළ ලංකාවේ චීන තානාපති ‍චී චෙන්හොං මහතා (Qi Zhanhong) පසුගිය වසර 73 තුළ චීනය දිගු ගමනක් ගොස් ඇති අතර, එම නිසා අඛණ්ඩව වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ප්රයතිසංස්කරණය කිරීම සහ විවෘත කිරීම සහ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය දශකය තුළ චී ජින්පිං ජනාධිපතිවරයාගේ ප්ර්බල නායකත්වය යටතේ චීනය විවිධ අංශවලින් විශිෂ්ට ජයග්ර හණ අත්කරගෙන, නිරපේක්ෂ දරිද්ර තාවය තුරන් කර, පළමු ශත සංවත්සර ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට සමත් විය. මෙම තීරණාත්මක ඓතිහාසික සන්ධිස්ථානයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනය තවත් සති දෙකකට පසු බීජිං නුවරදී පැවැත්වේ. එය චීනයේ සංවර්ධනය සඳහා නව මහා සැලැස්මක් සකස් කරනවා පමණක් නොව, ජාත්‍යාන්තර ප්‍රජාවට චීනය කෙරෙහි දැඩි විශ්වාසයක් සහ ඉහළ අපේක්ෂාවක් ද ගෙන එනු ඇත. කොංග්‍රසය අති සාර්ථක වේවායි සාමුහිකව ප්‍රාර්ථනා කරමු!

අපි දකුණේ හම්බන්තොට “හෝප් විලේජ්” සඳහා මුල්ගල තැබුවා, මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන්ට ආහාර මලු බෙදා දුන්නා. ලංකාවේ විවිධ ප්‍රදේශවල ගම්මානවලට ගොස් ආධාර උපකාර කළා. මඩකලපුවේ නැඟෙනහිර වෙරළ තීරයේ අඩු වරප්‍රසාද ලත් පවුල් සඳහා නිවාස ව්‍යාපෘතියකට මුදල් යෙදවූ අතර උතුරු පළාතේ දුප්පත් ධීවරයින්ට ධීවර ආම්පන්න ප්‍රදානය කළෙමු. මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණු අභියෝග මටම දැනෙනවා, නමුත් එහි මිනිසුන්ගේ ධනාත්මක මනසින් මම ගැඹුරින් ස්පර්ශ වන අතර මහත් දිරිගැන්වීමක් ද ලබමි. පසුගිය මාසයේ චීනයේ යුවාන් වැන්ග් 5 විද්‍යාත්මක යාත්‍රාව හම්බන්තොට වරායට නැංගූරම්ලු විට දෙරටේම විශාල පිරිසක් මා හා එක්වී හම්බන්තොටදී නෞකාව පිළිගත් බව සඳහන් කිරීම වටී. COVID-19 වසංගතයට, ආර්ථික අර්බුදයට, දේශීය දේශපාලන වෙනසට හෝ බාහිර මැදිහත්වීම්වලට අපගේ ජාතීන් දෙක අතර මිත්‍රශීලී හුවමාරුවලට බාධා කළ නොහැකි බව අපගේ විශ්වාසය තවත් ශක්තිමත් කරයි. මේ සියලු අභියෝගවලට මුහුණ දුන් අපගේ මිත්‍රශීලීත්වය නොබිඳිය හැකි ලෙස වර්ධනය වනු ඇත”

ශ්‍රී ලංකාව වෙනුවෙන් රබර් සහල් සහල් ගිවිසුම අත්සන් කල දිවංගත ආර්.ඩී සේනානායක මහතාගේ ඥාතින්ටද මෙම සමුළුවට ආරාධනා කර තිබුණි.

ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මගින් පාසල් අතර පවත්වන ලද කොවිඩ් වසංගත සමයේ දෙරට අතර මිත්‍රත්වය පිළිබඳ චිත්‍ර නිර්මාණ තරඟයේ ජයග්‍රාහිකාවන්ට ත්‍යාග මුදල්, සහතික පත්‍ර හා අදාල පාසල් වලට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරිමද අග්‍රමාත්‍යවරයා, චින තානාපති හා ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා අතින් සිදු කෙරුණහ.
චීනයේ බෙයිජිං නුවර සිට විදේශීය රටවල් සමග මිත්‍රත්වය සඳහා වන ජනතා සංගමයේ සභාපති ලින් සොංටියැන් මහතා හා (Lin Songtian) Zoom තාක්ෂණය ඔස්සේද මෙරට සෙසු චීන මිත්‍ර සංගම් සභාපතිවරුද මෙහිදි අදහස් පළකලහ.
මහා සංඝරත්නය,එතෙර චීන ජාතිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා චීන ව්‍යාපාර මණ්ඬලය, ශ්‍රී ලංකාවේ සියලු ජනතා චීන මිත්‍රත්ව සංගම් සාමාජිකයන්, ශ්‍රී ලංකාවේ හා චීනයේ සම්භාවනිය අමුත්තන් රැසක් එක්වි සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments