29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජනපති හා දෙමල ඩයස්පෝරාව අතර සාකච්ඡා ලබන මාසයේදී

ජනපති හා දෙමල ඩයස්පෝරාව අතර සාකච්ඡා ලබන මාසයේදී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තමා දෙමල ඩයස්පෝරාව සමග ලබන මාසයේදී සාකච්ඡා ආරම්භ කරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ (13) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය…..එහිදි දෙමල ජනතාවගේ ප්‍රශ්න විසඳීම ගැන දේශීය යාන්ත්‍රණයක් පිළිබඳ සාකච්ඡා කරනවා. එම සාකච්ඡා සාර්ථක වුණොත් අපිට දෙමල ජනතාවගේ ප්‍රශ්න දේශීය යාන්ත්‍රණයක් යටතේ විසඳා ගත හැකියි. ඒ අනුව මේ සඳහා තිබෙන රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට විදේශ අත පෙවීම් සිදුවීම නතර වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තුවත් එයවේ. දෙමල ජාතීන්ගේ ප්‍රශ්න ජාත්‍යාන්තර සංවිධාන සුපරීක්ෂණය යටතේ විසඳීමට ලැබුණොත් ජාත්‍යාන්තර සහයෙගෙය ලබාගැනීමටත් හැකිවේ.

මෙහිදි මාධ්‍ය වේදීන් ප්‍රශ්නයක් නගමින් අසා සිටියේ දෙමල සිරකරුවන් නිදහස් කරනවාද යන්නය ඊට පිළිතුරු ලබාදුන් ඇමැතිවරයා කියා සිටියේ ආණ්ඩුව ඒ සම්බන්ධව කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙන බවයි. එහි නිර්දේශ ලබාගෙන දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ පුද්ගලයින් සම්බන්ධ ලිපිගොනු හත්දහසක් පමණ තිබෙනවා. ඒවාවල විමර්ශන ලබන වසරේ අවසන් කිරීමට කටයුතු කරනවා.පසුගිය ආණ්ඩු එම ලිපිගොනුවලින් විමර්ශන අවසන් කොට තිබුණේ හැටපහක් පමණී. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් රටවල් අපිට දොස් පැවරුවේ ඒ නිසයි. නමුත් අපි මේවනවිට ලිපිගොනු එක්දහස් අටසීයක පමණ කටයුතු දැනට අවසන් කර තිබෙනවා. ඉන්පසු ආණ්ඩුව තීරණය කර තිබෙනවා ඒ අයට ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩිකිරීමට. මේ සඳහා ඉකුත් කැබිනට් රැස්වීමේදි අනුමැතිය ලබාදී තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments