22.4 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPමෙවර බුකර් සම්මානය ශ්‍රී ලංකාවේ ශෙහාන් කරුණාතිලකට

මෙවර බුකර් සම්මානය ශ්‍රී ලංකාවේ ශෙහාන් කරුණාතිලකට

එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ ප්‍රකාශයට පත් කෙරෙන වසරේ විශිෂ්ටතම ඉංග්‍රීසි නවකතාවට පිරිනැමෙන “ද බුකර් ” සම්මානය මෙවර ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක විසින් දිනාගනු ලැබීය.

ඒ, මෙරට සිවිල් යුද සමය අලලා ඔහු විසින් රචිත ” ද සෙවන් මූන්ස් ඔ‍ෆ් මාලි අල්මේදා ” ප්‍රබන්ධ කෘතිය වෙනුවෙනි.

“ද බුකර්” සම්මානය ශ්‍රී ලාංකික නවකතාකරුවකු දිනාගත්තේ වසර 30කට පසුවය.

“ද බුකර් ” සම්මානය දිනාගත් ශෙහාන් කරුණාතිලක මහතා BBC නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වී ඒ පිළිබඳ සිය අදහස් පළකර තිබුණි.

මාධ්‍යවේදියා – සුභ පැතුම්. සල්මාන් රෂ්ඩි, හිලර් මැනටේල් වගේ කතුවරුන්ගේ ලේඛණයට එක්වීමට ලැබීම ඔබට දැනෙන්නේ කොහොම ද?

ශෙහාන් කරුණාතිලක – “මම රසිකයින් වෙනුවෙන් පොත් රචනා කළා. මේ පොතත් ඒ වගේ. මම හිතුවේ පොත එළිදැක්වුවට පස්සේ සමහර අය පොතට කැමති වෙයි කියලා. මම මෙතනට ආවේ ඩ්‍රින්ක් එකක් අරන් යන්න හිතාගෙන. ඇත්තටම ඒක ලොකු දෙයක්.”

මාධ්‍යවේදියා – ශ්‍රී ලංකා සිවිල් යුද්ධය ගැන ලෝකයට දැනුම් දීම ඔබට කෙතරම් වැදගත් වුණාද?

ශෙහාන් කරුණාතිලක – “මම එහෙම දේවල් හිතුවේ නෑ. මම මිනිමැරුම් අභිරයසක් ගැන ලිව්වා විතරයි. මළවුන්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කතාවත් රචනා කරන එක් නවකතාවකට හොදයි කියලා හිතුනා. 1989 ඇත්තටම අපේ ඉතිහාසයේ අදුරු යුගයක්. ගොඩක් අයට ඒක අමතක වෙලා තියෙනවා. ඒ ගැන නැවතත් අධ්‍යයනය කිරීම රසවත් වුණා.”

1975 වර්ෂයේ ගාල්ලේදී උපත ලැබු ශෙහාන් කරුණාතිලක නවසීලන්තයේදී අධ්‍යාපනය ලබා පසුව නෙදර්ලන්තයේ හා සිංගප්පුරුවේ දිවිගෙවා ඇති අතර වර්තමානයේ එංගලන්තයේ රැකියාවක නිරතවෙමින් එහි පදිංචිව සිටී.

මුල්කාලීනව මාධ්‍යවේදියෙකු ලෙස The Guardian, Wisden, The Cricketer වැනි පුවත්පත් සහ සඟරාවලට ලිපි ලියා ඇති ඔහු 2010 වසරේ සාහිත්‍යකරණයට පිවිසුනේ ක්‍රිකට් ක්‍රීඩාව මුල්කරගනිමින් රචනා කළ Chinaman කෘතිය එළිදක්වමිනි.

එම කෘතිය සඳහා 2012 වසරේ Commonwealth Book ​සම්මානය හිමිවූ අතර Wisden ​සඟරාව විසින් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ මෙතෙක් බිහිවූ දෙවන හොඳම කෘතිය ලෙසද Chinaman කෘතිය නම් කර තිබුණි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද 2022 බුකර් සම්මානයෙන් පිදුම් ලැබු ශෙහාන් කරුණාතිලක මහතාට සිය සුබ පැතුම් එක්කර තිබුණු අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ කර්තෘට සුබපතමින් කතා කොට ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments