29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsGeththu Pasanga යන වට්ස්ඇප් නාමයෙන් වව්නියාවේදි මත්ද්‍රව්‍ය හා අපි ජාවාරමේ යෙදුණු කල්ලියක්,...

Geththu Pasanga යන වට්ස්ඇප් නාමයෙන් වව්නියාවේදි මත්ද්‍රව්‍ය හා අපි ජාවාරමේ යෙදුණු කල්ලියක්, මුදල් ආරවුලක් මත දරුවෙකු පැහැරගත් කාන්තාවක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

වව්නියාව ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරමින් ක්‍රියාත්මක වූ වයස දහඅටෙි සාමාජිකයන් ගෙන් සැදුම් ලත් Geththu Pasanga යන නාමයෙන් හැදින්වෙන Whatsapp කණ්ඩායමක් තියුණු ආයුධු හා මත්ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ

විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.බී.එස්.එන්.ගුනරත්න මහතා ගේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ සහකාර පොලිස් අධිකාරී ඩබ්.වී.ආර්.එම්. අබේසේකර මහතාගේ මඟ පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ කදවුර අනදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ආර්.ටී.ඒ.අමරසිංහ ගෙ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ඒ.එම්.පී.එන්. අධිකාරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) වව්නියාව ප්‍රදේශයේ පුවරසන්කුලම පොලිස් වසමෙි දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී ඉකුත් (05) පුවරසන්කුලම පොලිස් වසමේ දී
තහනම් මත් පෙති ලග තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී සහ ඔහු ගෙ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමෙිදී විවිධ ප්‍රමාණයේ කඩුවල ජායාරූප දැක ඒ ඔස්සේ ද යම් යමි අපරාදයක් කිරීමට සැරසෙමින් සිටි තියුණු ආයුධ නිපදවමින් සැරසුනු මෙම වටිස් ඇප් කල්ලියෙ තවත් සැකකරුවෙකු ඇතුලු සිවිදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට හැකිවිය .වැඩිදුර විමර්ශනය කිරීමෙිදී පුවරසන්කුලම්, තට්ටන්කුලම්, සහ සෙට්ටිකුලම් යන ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරමින් ක්‍රියාත්මක වන Geththu Pasanga යන නාමයෙන් හැදින්වෙන Whatsapp කංඩායමෙ සාමාජිකයන් බවටතොරතුරු වාර්තා විය. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් ඊට සම්බන්ධ වව්නියාව ප්‍රදේශයේ පදිංච් වසය අවුරුදු 18 ක් වන පුද්ගලයින් සිවු දෙනෙකු ජංගම දුරකතන 04 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම සැකකරුවන් හයදෙනා සහ තියුණු ආයුධ,මත්පෙති,සහ ජංගම දුරකතන පුවරසන්කුලම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම ගෙත්තු පසංගා නැමති වටිස් ඇප් ජාලය මගින් සිදුකරන ලද ක්‍රියා කාරකමි පිළබඳ වි⁣ශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවති.

මුදල් ආරවුලක් මත බාලවයස්කාර දරුවෙකු පැහැරගත් කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) ඩි.එස් කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II නිලධාරීන් කණ්ඩායමක් (05) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අංක A/F3/U20, රන්දිය උයන, හේනමුල්ල ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීම සිදුකර මුදල් ආරවුලක් මත සියාගේ භාරකාරිත්වයේ සිටි වයස අවුරුදු 10 ක් වයසැති බාලවයස්කාර දරුවෙකු මීගමුව අධිකරණය අසලදි පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 47 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ටිපර් රථයේ තිබී කෝටි 1.5කට ආසන්න වටිනාකමකින් යුතු කේරල ගංජා කිලෝ 116 ග්‍රෑම් 750 මන්නාරම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මන්නාරම කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ආර්.ඒම්.ඒ.ඩ්.ඒම්. විජේසූරිය ඇතුළු කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මන්නාරම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධව (04) මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 13/992/2022 යටතේ නඩුබඩු ලෙස නම් කරන ලද අංක LC 5563 දරණ ටිපර් රථය සෝදිසි කිරීමක් සිදුකර ටිපර් රථයේ තිබී කෝටි 1.5කට ආසන්න වටිනාකමකින් යුතු කේරල ගංජා කිලෝ 116 ග්‍රෑම් 750 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments