අලෙවි කිරීම සඳහා වියළි ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.ඒ.වී. දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් උඩවලව ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ උප පොලිස් පරීක්ෂක බි.ඊ.ජි. ලියනසේන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඉදිරිපිට දී වැටලීමක් සිදුකර අලෙවි කිරීම සඳහා වියළි ගංජා කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 700 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 22 ක බලහරුව, කුඹුගොඩ ආර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අලෙවි කිරීම සඳහා හෙරොයින් සූක්ෂම ලෙස සඟවා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.ඒ.වී. දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් උඩවලව ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ඒ.ඒ.පී.එස්. කුමාර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ උප පොලිස් පරීක්ෂක ජේ.එම්.ජි.කේ. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) වන දින හම්බන්තොට වාරාය පොලිස් වසමේ චිත්‍රාගල සිංහ සර්විස් ආයතනය අසල ප්‍රධාන මාර්ගයේ බත් කඩය අසල දී සහ චිත්‍රාගල සිංහ සර්විස් ආයතනය තුල දී වැටලීමක් සිදුකර අලෙවි කිරීම සඳහා හෙරොයින් ග්‍රෑම් 54 ක් සූක්ෂම ලෙස සඟවාගෙන සිටි වයස අවුරුදු 26 සහ අවුරුදු 42 ක අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ජංගම දුරකථන 04 ක් සහ සිම්පත් 07 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට වාරාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
