22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsලෝක කම්කරු දිනයේත් එස්.ටී.එෆ්. සිදුකළ මෙහෙයුම්වලින් පාසැල් දරුවන්ට මත්පෙති අලෙවිකරන ජාවාරම්කරුවන් ඇතුළු...

ලෝක කම්කරු දිනයේත් එස්.ටී.එෆ්. සිදුකළ මෙහෙයුම්වලින් පාසැල් දරුවන්ට මත්පෙති අලෙවිකරන ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට.

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති හා කේරළ ගංජා ජාවාරමෙි යෙදී සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුවිය. ඒ් අනුව එම කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ වැටලීම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක ආර්.පී.ඩී.සී.ආර්. රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) බ්ලූමැන්ඩල් පොලිස් වසමේ රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ, R.B. 340, අලුත්මාවත, කොළඹ 15 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් කේරළ ගංජා හා මත්කරල් ජාවාරමෙි යෙදී සිටි වයස අවුරුදු 54 ක් වන කොළඹ 15, අලුත්මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු Pregab මත්කරල් 202 ක්, කේරළ ගංජා ග්‍රෑම් 51 ක් හා ජාවාරමින් උපයාගත් රුපියල් 5,650.00 ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ප්‍රදේශ කිහිපයකම විදුලි උපකරණ හා යතුරුපැදි සොරකමේ යෙදුණු පුද්ගලයෙකු හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවසහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක එස්.පි.කේ. බොතේජු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) වීරකැටිය පොලිස් වසමේ ගුරුගොඩැල්ල මාර්ගයේ හීන් ආර මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 5.2 ක් සන්තකයේ තබාගෙන වෑන් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරකැටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
වැඩි දුරටක් තොරතරු විමසීමේදී මෙම සැකකරු කළුතර, ගාල්ල, වැල්ලවාය, මොණරාගල හා තෙල්දෙණිය යන ප්‍රදේශයන් කිහිපයකම වෙළඳසැල් කඩා දේපළ සොරකම් කිරීම හා විකිණීම, යතුරුපැදි සොරකම් කිරීම හා හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ වරදවල් යටත් නඩු රැසක් පැවරී ඇති පුද්ගලයෙකි.

නීති විරෝධී දුම්වැටි හා නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරීක්ෂක පි.ජි.එස්.පි. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) ජාඇල පොලිස් වසමේ අංක 116, ශාන්ත මැතිව් මාවත, ඒකල ලිපිනයේ දී වැටලීම් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී මත්පැන් මි.ලී. 33,750 ක්, තඹ දඟර 04 ක් හා නීති විරෝධී දුම්වැටි 400 ක් සන්තකයේ තබාගෙන සිටි ඒකල පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

දේශීය හා විදේශී අවි දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මැදමුලන දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරි සම්පත් මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක යු.එස්. සදර්ලන්ඩ් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) වීරකැටිය පොලිස් වසමේ මැදගම, මැදමුලන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී ලෙස විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිණිඅවියක් සමග බෝර 12 උණ්ඩ 04 ක්, දේශිය නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිණිඅවියක් ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන සිටි මැදමුලන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරකැටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments