කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමින් කියා සීටියි.
ඔබතුමන් ද දන්නා පරිදි මෑතකදී ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ, අතවර කිරීම් හා මිනීමැරුම් ඇතුළු අපරාධ රැල්ලක් මතුව තිබේ.
විශේෂයෙන්ම ළමයින් සහ කාන්තාවන් ඉලක්ක කරගනිමින් සිදු වූ මෙම අපරාධ ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කිරීමේ දී, අදාළ අපරාධය පසෙකලා පහත් මානසික අවශ්‍යතා තෘප්ත කෙරෙන අනවශ්‍ය ප්‍රලාපවලට මුල්තැන දී තිබෙනු දක්නට ලැබිණි. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය තුළ ද දක්නට ලැබුණු මෙම ප්‍රවණතාව, සමාජ මාධ්‍ය අවකාශය තුළ වඩාත් උත්සන්නව තිබෙනු පැහැදිලිවම නිරීක්ෂණය කිරීමට හැකි විය.
කිසියම් අපරාධයක් පිළිබඳ ඇතැම් සංවේදී කරුණු වෛද්‍ය වෘත්තිකයන්ට හා අපරාධ විමර්ශකයින්ට පමණක් වෘත්තීමය අවශ්‍යතා මත වැදගත් වේ. එහෙත් අපරාධ වින්දිතයන්ගේ ඇඳුම්වල සවිස්තරාත්මක තොරතුරු, දේහයේ ඇති සීරීම් තුවාල, ඔවුන් පෙළෙමින් සිටි රෝගාබාධයන් සහ පවුලේ අයගේ සංවේදී තොරතුරු මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම අපරාධ වින්දිතයන් නැවත වරක් අපයෝජනයට ලක්කිරීමක් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිදු කරන බලවත් අසාධාරණයක් ද වේ.
එබැවින් කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීමේ දී ඇති කරගත යුතු මූලික එකඟතා පිළිබඳ පුළුල් කතිකාවතක් ඇති කළ යුතු අතර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය හා ඒකාබද්ධව ඒ පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් ද කඩිනමින් සකස් කළ යුතු යැයි යෝජනා කරමු.
මෙම ක්‍රියාවලිය මාධ්‍ය නිදහස අවුරාලීමේ වෑයමක් නොවනු පිණිස මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතුන්ගේ සහ වෘත්තීය ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයන්ගේ සම්පත් දායකත්වය සහිතව සිදු කළ යුතු බව ද අවධාරණය කරමු.