පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්‍යාලයේ විමර්ශන ඒකකය විසින් අද දින නිට්ටඹුව ප්‍රදේශයේ වෙළදසැල් විශේෂ පරික්ෂාවකට ලක් කල අතර එහිදී වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීම තොග සඟවා තබාගෙන විකිණීම ප්‍රතික්ෂේප කිරිම, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීමට ප්‍රදර්ශනය කර තැබිම, මිල ප්‍රදර්ශනය නොකිරීම යන චෝදනා යටතේ වෙළෙඳසල් (7) ක වෙළෙඳසල් හිමියන්ට විරුද්ධව නඩු පවරනු ලදී.
එහිදී තොග සගවා තබා ගෙන විකිණීම ප්‍රතික්ෂේප කල සුපිරි වෙළෙඳසලේ තිබූ රු.354,900/-ක් වටිනා සහල් කිලෝ 1365ක ප්‍රමාණය මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරනු ලැබීය.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතාගේ උපදෙස් මත වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ගම්පහ දිස්ත්‍රික් කාර්‍යාලයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කරන ලදී.