අපරාධ සදහා ගිණි අවි අලෙවි කරමින් සිටි ජාවාරම එම ගිණි අවි සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් පුගොඩ කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඒ.සී.කේ. මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) රුවන්වැල්ල පොලිස් වසමේ අයි/207, ඉහළ මොරාවත්ත, රුවන්වැල්ල යන ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී විදේශීය රටක නිෂ්පාදිත ස්වංක්‍රීය පිස්තෝල අවියක්, එම පිස්තොල අවියට යොදන ලද 6.35 mm හිස් පතුරම් කොපු 01 ක්, රුසියාවේ සහ ඇමරිකාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතුරම් තුවක්කු දෙකක්ද, පතුරම් තුවක්කු බැරල් 02 ක්ද, බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 37 ක රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රුවන්වැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද මෙම අත්අඩංගුවට ගත් ස්වංක්‍රීය පිස්තෝල අවිය රුපියල් 75000.00 ක මුදලකට අලවි කිරීමට සූදානම් කර තිබූ අතර බෝර 12 පතුරම් තුවක්කු ද ඔහු සන්තකයේ තිබූ අතර එම එක් අවියක් රුපියල් 60000.00 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවටද කරුණු අණාවරණය විය. මෙම පුද්ගලයා අවි අලෙවි කිරීමේ ජාවාරම් වල නිරතවන පුද්ගලයෙකු වන අතර මොහු මෙම අවි වෙනත් පුද්ගලයින්ගෙන් රැගෙන ඒවා වැඩි මුදලට විකිනීමේ ජාවාරමේ යෙදී සිටි බවට විමර්ෂණ වලදී තහවුරු විය.
මහා පරිමාණ මත්කරල් බෙදා හරින්නෙකු මඩකලපුව ප්‍රදේශයේ දී විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරී ගිහාන් මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.ජී.එල්. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29 ) වාලච්චේන පොලිස් වසමේ බිරන්දරච්චේන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මත්කරල් 2,500 ක් සන්තකයේ තබාගෙන කාර් රථයකින් ගමන් කරමින් සිටි අරසඩි, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.