මේ සඳහා අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතන සහභාගි වන අතර, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයද සිය දායකත්වය ලබාදෙයි. විදේශ රැකියා අපේක්ෂිතයින්ට නව විදේශ රැකියා අවස්ථා ලබාගැනීමටද මෙහිදී අවස්ථාව හිමිවන අතර, කාර්යාංශ රැකියා බැංකුවේ ලියාපදිංචිය ලබාගැනීමටද මෙහිදී අවස්ථාව සැලසේ.
එසේම මෙම ජංගම සේවා වැඩසටහනට සමගාමීව කාර්යාංශය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදෙස්ගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන පහසුකම් රැසක්ද ලබාදීමට කටයුතු යොදා තිබේ. විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, පාසල් උපකරණ ලබාදීම, ප්‍රදේශයේ පාසල් සඳහා පන්ති කාමරවලට අවශ්‍ය Smart board බෙදාදීමටද නියමිතය.
තවද, විදේශ රැකියාවට ගොස් යලි දිවයිනට පැමිණ සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන පුද්ගලයින් ඇගයීම හා ස්වයං රැකියා කරන ශ්‍රමිකයින්ට සිය ව්‍යාපාර වැඩිදියුණු කරගැනීම සඳහා ආධාර ලබාදීමටද කටයුතු යොදා ඇති අතර, ඔවුන්ගේ නිශ්පාදන අලෙවිකිරීම සඳහා අලෙවි පොලක්ද පැවැත්වේ.
මෙම වැඩසටහන හා සමගාමීව විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නීතිඥයින්, පොලිස් නිළධාරීන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමටද නියමිත අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය සංසදය පිහිටුවීමටද නියමිතය.