23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පාතාල අපරාධකාරයින්ගේ හා මත්කුඩු මුදලාලිලාගේ මුදල්වලට යටවී ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව...

පාතාල අපරාධකාරයින්ගේ හා මත්කුඩු මුදලාලිලාගේ මුදල්වලට යටවී ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව ඇතැම් සමාජ මාධ්‍යකරුවන් කටයුතු කරනවා- දේශ හිතෛෂි සංවිධාන

සිරකරුවන්ගේ සංගමයක ලේකම් යැයි කියන අයකු සහ youtube නාලිකාවක් පවත්වාගෙන යන ලාල් නමැත්තා විසින් යුක්තිය මෙහෙයුමට සහ ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය ජාතික ආරක්ෂාව වෙනු වෙන් ගෙනයන වැඩපිළිවෙළ හෙලා දකිමින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත් වූ අතර එයට විරෝධය පාමින් ජාති හිතෛෂී සංවිධාන කීපයක් මගින් පාතාලයේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන පාතාලයේ රූකඩයක් ලෙස සිටින සිංහල කොටියා ලෙස හඳුන්වන මෙම පුද්ගලයාට සහ ජාතික ආරක්ෂාවට එරෙහිව විවිධ ප්‍රකාශ කරමින් සිටින ලාල් නැමැත්තා ⁣ට විරුද්ධව ඔවුන් ගෙන යන මෙම දේශද්‍රෝහී ක්‍රියාවන් හෙලා දකිමින් තවත් උද්ඝෝෂණයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පවත්වනු ලැබීය .
මෙහිදී එම දේශී හිතෛෂී සංවිධානය මගින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද යුක්තිය මෙහෙයුම ඉතාමත් පැසසුමට ලක්කර අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ගේ විශිෂ්ඨ නායකත්වය යටතේ පාතාල මර්දන ක්‍රියාකාරකම් අඩපණ කිරීම ,මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ අගය කරන ලදී .එමෙන්ම මෙරට ජාතික ආරක්ෂාව ට තර්ජනයක් වෙමින් පාතාලයේ අතකොළුවක්ව සිටින සිංහල කොටියා යන නමින් හඳුන්වන නදිමාල් ජයසිංහ නමැත්තා ගේ මෙම ක්‍රියාවන් දැඩි ලෙස විවේචනය කරමින් අදහස් ප්‍රකාශ කරන ලදී .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments