29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා රේගුවට නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් වංචනිකයින් අසු නොවන...

ශ්‍රී ලංකා රේගුවට නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් වංචනිකයින් අසු නොවන ලෙස එම ආයතනය මෙයින් සියලු ජනතාවට නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකා රේගුවේ ඇතිවී තිබෙන සහකාර රේගු
අධිකාරී හා රේගු පරීක්ශක යන තනතුරු වල පුරප්පාඩු පිරවීම සඳහා රජය විසින් මේ වනවිට කටයුතු සිදුකරමින් පවතී.

මේ සඳහා විභාග දෙපාර්තමේන්තුව මගින් තරඟ විභාග පසුගිය දිනවල පවත්වන ලද අතර එහිදී ඉහලම ලකුණු ලබාගන්නා අයදුම්කරුවන් ලඟදීම සම්මුඛ පරීක්නෂනයකට කැඳවීමට නියමිතය.

සම්මුඛ පරීක්ශණය පවත්වන්නේ අයදුම්කරුවන්ගේ අධ්‍යාපන සහතිකපත් හා ශාරීරික සුදුසුකම් පරීක්ශා කිරීමට වන අතර අතර එහිදී ක්‍රීඩා වලින් ජාතික හා අන්තර්ජාතික මට්ටමේ දක්ෂකා දක්වා ඇති අයට පමණක් ලකුණු 05 ක උපරිමයකට යටත්ව අතිරේක ලකුණු ප්‍රදානය කෙරේ. වෙනත් කරුනු සදහා ලකුනු ලබාදීමක් සම්මුඛ පරීක්නෂනයේදී සිදු නොකෙරේ.

කෙසේ වෙතත් රේගුවේ රැකියා ලබාදීමට යැයි පවසමින් විවිධ පුද්ගලයන් අයදුම්කරුවන්ගෙන් මුදල් ලබාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකා රේගුවට නිලධාරීන් බඳවා ගනු ලබන්නේ ඉල්ලා ඇති අධ්‍යාපන හා ශාරීරික සුදුසුකම් සපුරා ඇති සහ තරඟ විභාගයෙන් ඉහලම ලකුණු ලබාගන්නා අයදුම්කරුවන් පමණක් වන අතර වෙනත් කිසිම ආකාරයකින් බඳවා ගැනීමක් සිදු නොවේ.

එබැවින් එවැනි වංචනික පුද්ගලයන්ට හසු නොවන ලෙස අයදුම්කරුවන්ට මෙයින් දැනුම් දෙනු ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments