ෂේක්ස්පියර් කේන්ද්‍රය ශ්‍රී ලංකා ක්‍රියාකාරකම් මේ රටේ ජනතාවට විධිමත්ව දායදය කිරීම සඳහා අදාල බලධාරීන්ගෙන් ඉඩමක් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලනවා.
ෂේක්ස්පියර් කේන්ද්‍රය ශ්‍රී ලංකා ආයතනයේ වාර් ෂික සංවත්සරික උත්සවයක් ඉකුත්(24) කොළඹ 07, සිංහල සංස්කෘතික ආයතනයේ පැවැත්විදී පැවැත්විණි. මෙය ඔබිනාමුණි ගාමිණිද සිල්වා මහතාගේ අනුශාසනාවෙන් සංවිධානය වු අතර එහිදි ඒ මහතා මෙම ඉල්ලීම සිදුකළේය. ෂේක්ස්පියර් රංඟශාලාවක්, රංඟ පුහුණු පාසැලක්, නාට්‍ය අධ්‍යාපනය හා ෂේක්ස්පියර් තොරතුරු බෙදාහරිමින් විලියම් ෂේක්ස්පියර් පිළිබඳ මේ රටේ තරුණ පිරිස් දැනුම ලබාදීමේ අරමුණු ඇතිව මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට බලාපොරොත්තුවන බව හෙතෙම වැඩිදුරටත් කීය.
මෙම උත්සව අවස්ථාවට හිටපුකතානායකවරයකුවු කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර් ය ජී.ඇල්.පීරිස්, හිටපු ඇමැතිවරයකුවු ජීවන් කුමාරතුංඟ, හිටපු පළාත් සභා ඇමැතිවරයකුවු හෙක්ටර් බෙත්මගේ හා හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර, මහාචාර් ය මුදියන්සේ දිසානායක, ව්‍යාපාරික දේශමාන්‍ය ක්ලැරන්ස් කුමාරගේ ඇතුළු විශේෂආරාධිතයන් රැසක් එක්ව සිටියහ.
මෙහිදි අදහස් දැක්වු මහචාර්ය ජි.ඇල්.පීරිස් මහතා…..දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් වල හිමකම් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්වුවත් සමාජීයිය හා සංස්කෘතික වශයෙන් අයිතිවාසිකම් ගැන එහි සඳහන් නොවීම අඩුපාඩුවක් බව පැවසීය.

හිටපු කතානායක කරු ජයසූරිය මහතා…… ඔබිනාමුණි ගාමිනි ද සිල්වා මහතා මෙම ෂේක්ස්පියර් කේන්ද්‍රය මෙරට ස්ථාපිත කරමින් ඒ උතුම් දාර්ශනිකයාගේ කලාවන් මෙරට තරුණ ජනතාව අතර ප්‍රචලිත කිරීමට දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බව කීවේය.
හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා…. කලාකරුවන් යම් නිර් මාණයක් සිදුකිරීමේදී ඊට තිබෙන කැපවීම ඉහළින් තිබිය යුතු අතර විනය අංක එකට පැවතිය යුතු බව පෙන්වාදුන්නේය. එවැනි ශික්ෂණයක තිබෙන අගය පුන්තිලා නිර් මාණය කළ හෙලේනා ලෙහ්තමකි කලාකාරිණිය පෙන්වා දුන් අතර ඇය ඉතා තදින් විනය ක්‍රියාත්මක කළ නිසා මහේනද්‍ර පෙරේරා හා නිහාල් සිල්වා වැනි දක්ෂ කලාකරුවන් අපිට බිහිකර ගත හැකිවු බවද සිහිපත් කළේය.
(පුන්තිලා) නාට්‍ය පරිවර්තනය කළේ වසන්ත නවරත්න බණ්ඩාර මහතා අතින්ය.
මෙහිදි මහචාර් ය මුදියන්සේ දිසානායක, හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුද ෂේක්ස්පියර් කේන්ද්‍රය ශ්‍රී ලංකා හී සාමාජික සාමාජිකාවන්ද මේ උත්සවය සභාව ඇමතූහ. මෙහිදි විවිධ කලා අංශවලින් දස්කම් පෑ එම කේන්ද්‍රයේ සාමාජික සාමාජිකවාන්ට පැමිණ සිටි ආරාධිත අමුත්තන් අතින් තිළිණ හා සහතික පත් ප්‍රදානයක්ද සිදුකෙරිණි. මෙහිදි හිටපු ඇමැති රංඟන ශිල්පි ජීවන් කුමාරතුංඟ මහතා විශේෂ ඇගයීමක්ද සිදුකළ අතර මෙම කේන්ද්‍රයේ සාමාජික සාමාජිකාවන්වු සරත් දික්කුඹුර, නයනා කුමාරි, විනු සිරිවර්ධන ඇතුළු පිරිසක් ඇගයීමට ලක්වූහ
මෙහිදි හැම්ලට් නාට්‍යය සිනමාපටයක් ලෙස නිර්මාණය කිරීමේ කටයුතු ලබන දෙසැම්බර්මාසයේ ආරම්භ කෙරෙන අතර ඒ සඳහා තෝරාගෙන ඇති රංඟන ශිල්පීන්ට තිරපිටපත් ලබාදුන් අතර මුල් පිටපත ජීවන් කුමාරතුංඟ මහතාට ලබාදීම සිදුවිය.
.







සටහන- අනුර ප්‍රේමලාල් ,ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු