21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්මුල්ලේරියා හටන සිනමාවට...

මුල්ලේරියා හටන සිනමාවට…

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මුල්ලෙරියාව කේන්ද්‍ර කර ගනිමින් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ කලාකීර්ති ශ්‍රී සනත් අබේසේකර තිරරචනය ලියමින් අධ්‍යක්ෂණය කරන ලාංකේය ඉතිහාසයේ අධිරාජ්‍යවාදීන් දණගැස්සු රණශූර ටිකිරි කුමාරගේ මුල්ලේරියා හටන සිනමා කෘතියේ සමාරම්භක උළෙල ඉකුත් දින කොටිකාවත්ත සණස උත්සව ශාලාවේදී මහා සංඝරත්නය, විශේෂ ආරාධිතයින් හා කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූහ.

මෙහිදි මුල්ලේරියා හටන සිනමා කෘතියේ රංඟන දායකත්වය ලබාදෙන රංඟන ශිල්පීන් සඳහා තිරපිටපත් ප්‍රදානයද සිදුවිය. සනත් ගුණතිලක,රන්ජන් රාමනායක,ලකීඩයස්,උද්දික ප්‍රේමරත්න,ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, නදීෂා හේමමාලි,චුලක්ෂි රණතුංග.උදාරි වර්ණකුලසූරිය,පබෝධා සංදීපනි,දිනෙත්ද සිල්වා,නිරෝෂන් ඉලේපෙරුම,ශ්‍රීමාල් වෙඩිසිංහ,නිමල් පල්ලේවත්ත,රිතු ආකර්ෂා,කැළුම් ශ්‍රී,විශ්ව ලංකා, දෙනෙක් ආකර්ෂ ඇතුළු ප්‍රවීනයන් රැසකගේ රංඟනයෙන් හැඩවෙන මෙම සිනමාපටය කැමරා අධ්‍යක්ෂණය සුජිත් නිශාන්ත, සංස්කරණය අජිත් රාමනායක, කලා අධ්‍යක්ෂණය,පසුතල නිර්මාණය හා නිෂ්පාදන සැලසුම්කරණය ධම්මික හේවාදූවත්ත, අංඟ රංචනය මතනුවන් රූපසිංහ,සහය අධ්‍යක්ෂණය චන්දන එදිරිසිංහ,සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුබසිංහ, සටන් අධ්‍යක්ෂණය සුමුදු අමල්ක හා සඳුන් පෙරේරා, නර්තන වින්‍යාශය චන්න විජේවර්ධන, නිශ්චල ඡායාරූප අමාල් රොස් සමගින් ශාන් වින්රු. මුල්ලේරියා හටන නිෂ්පාදනය කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර සිරිවර්ධන ගෙනී.

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments