29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්චමරි අත්පත්තුගෙන් අති විශිෂ්ට පිතිහරඹයක්, ශ්‍රී ලංකාවට දෙවන ජයත්...

චමරි අත්පත්තුගෙන් අති විශිෂ්ට පිතිහරඹයක්, ශ්‍රී ලංකාවට දෙවන ජයත්…

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (22) සමත් විය.

ඒ  මලයාසියානු කාන්තා කණ්ඩායම ලකුණු 144කින් පරාජය කරමිනි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස්කළේය.

එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස්කිරීමට සමත් වූවාය.

ඇය එම ශතකය රැස් කර තිබුණේ හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් එල්ල කරමිනි.

එය අසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගයක රැස්කළ පළමු ශතකයද වෙයි.

ලකුණු  185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මලයාසියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 40ක් පමණි.

පන්දු යැවීමේදී ශෂිනි ගිම්හානි කඩුලු 03ක් දවාගත්තාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments