23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedඅවි හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට

අවි හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට

තුර් කියේ නිෂ්පාදිත ඉතා නවීන පන්නයේ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සමග පාසල් ලමුන් සදහා දිවා ආහාර සපයන්න පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ ii හි ස්‍ථානාධිපති පොලිස් පරීක්ෂක ‌ඩි.එල්.ඒ. කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04 )පිලියන්දල පොලිස් වසමේ 13/D/4 ආවස පාර, කැස්බෑව ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස විදේශිය රටක නිෂ්පාදිත (තුර්කියෙහි) නවීන පන්නයේ රිපිටර් වර්යේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි කැස්බෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක් වන පාසල් ලමුන් සදහා ආහර සපයන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිලියන්දල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තවද, මෙවැනි අති නවීන අවියක් මෙම පුද්ගලයාට කුමණ හේතුවක් මත ලැබුනේද, යන්න සහ මෙම ගිනි අවිය අපරාධ සදහා භාවිකා කර ඇද්ද යන්න පිළිබද විශේෂ කාර්ය බලකාය නිලධාරීන් වැඩිදුර විමර්ශණ සිදු කරණු ලබයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “බඩෝවිට අසංක” නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කාන්තාවක් සහ තවත් සැකකරුවෙකු හෙරොයින්, අයිස් හා මත්පෙති සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.

සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්‍ථානාධිපති පොලිස් පරීක්ෂක ‌ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) දෙහිවල පොලිස් වසමේ දෙහිවල, මැදවල්ල පාර, OCEAN ENTERPRISES නැමැති විසිතුරු මත්ස්‍ය වෙළද ආයතනය ආසන්නයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “බඩෝවිට අසංක” නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් වන පිරිමි පුද්ගලයකු හා වයස අවුරුදු 67 ක් වන කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 06, මිලි ග්‍රැම් 950 ක්, හෙරොයින් ග්‍රැම් 01, මිලි ග්‍රැම් 190 ක් සහ pergabalin 150mg වර්ගයේ මත්කරල් 40 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අලෙවි කිරීමට සගවා තැබූ රුපියල් ලක්ෂ දාහතක් පමණ වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ ස්ථාන ගතවී සිටින උතුරු පළාත් ව්ශේෂ වැටලිම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් උතුරු පළාත් ව්ශේෂ වැටලිම් ඒකකයේ කණ්ඩායම් භාර නිලධාරී පොලිස් පරීක්ෂක ජේ.ඒ.ජී.එම්. ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) තලෛමන්නාරම පොලිස් වසමේ අම්බාල් නගර් ප්‍රදේශයේ අමතර පංති පවත්වනු ලබන ස්ථානයක් ඉදිරිපිට දී වැටලීම් සිදුකර ඇත.

එහි දී ලක්ෂ දාහතක් පමණ වටිනාකමක් ඇති අයිස් ග්‍රැම් 108, මිලි ග්‍රැම් 350 ක් අම්බාල් නගර් ප්‍රදේශයේ අමතර පංති පවත්වනු ලබන ස්ථානයක් අසල සගවා තිබිය දී අත්අඩංගුවට ගෙන තලෛමන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments